Friday, May 28, 2021

මහ වැසි අවසන

මහ වැසි අවසන
ඇද හැලී දිය බිඳු නැගූ ඝෝෂාව කෙළවර
හාත්පස පිරෙයි  මොහොතක්
නිහඬතාවය..

වැස්සට පෙර
නැවැතුණු නැවතුණු තැන්වලින්
ගසා දමා තෙත අත්තටු
යළි ගමන් අරඹයි සියොතුන් ද..

පාවී යයි වළාකුළු 
අකුණු ගිගුරුම් ද රැගෙන 
කොහේ හෝ ඈතක
වෙනත් බිම්කඩකට...

මහ මඟ
පිරෙන දිය කඩිති මත
ඉරි තැලුම් මතුවේ
යම් කිසිවෙකුගෙ දෙපට දෙපළු වුණ..

ඒ අතර
නිහඬතාවය තුළ 
බොඳවී මැකී යයි
අතු ඉති අගින් බේරෙන
කුඩා කුඩා අවශේෂ දියබිඳුවල
සිහින් සර....



1 comment:

  1. වැස්සේ රිද්මය ජීව්තයේ රිද්මය හා ගැලපීමට ගත් සාර්ථක උත්සාහයක්.

    ReplyDelete