සිතුවමේ රාමුවෙන් පිට පැන
විසිර යයි මේ රෑ හාත්පස
වෑන්ගෝගේ පින්සලෙන් නිමවුණ
තරු විසුළ අහස..
කුඩා කුඩා තණපත්‍ර යට
ගැයෙනා රැහැයි ගී නද තුළ
මුසුවී ඇසෙයි බිතෝවන්
පියානාවෙන් මැවූ සර..
අකුරු අතරින් රිංගාගෙන
ඇලන්පෝ ගේ කෙටි කතාවල
සිතෙහි අඳුරු සෙවණලි
සැඟවෙයි පිටු තුළට වැද...
හදිස්සියේ දුටු යමකින් ගැස්සී
මේසය යට හුදෙකලා කලාපෙක
සැඟවෙයි ග්‍රෙගෝර් සම්සා
කෆ්කා සමඟ රූප විපර්‍යස වුණ..
කොළරා කාලේ නොවූවද
සෙවණැලිවල ද මැවී පෙනෙයි
ෆර්මිනා දාසා
යම් හුරුපුරුදු රුවක් ලෙස..
ඉතින් සුහදිනි
දීර්ඝ නොවුණත් හුදෙකලාව
සියවසක් තරමට
එහි කිසිවක්ම නොපවතින බව
ඔබ කියන්නේ කොහොමද?
මරු ලියවිල්ල
ReplyDelete