Wednesday, March 14, 2018

ජලය නම් ගලා යා යුතු..


ජලය නම්
උස් මුදුන් වල සිට
පහත් බිම් වෙත ගලා යා යුතු.. 

වියළි මුඩු බිම් සොයාගොස්
සිහිල් වතුරෙන් තෙමාහළ යුතු... 

පවසින් දැවෙන තුරු පතකට
අහසින් පැමිණ ඉසිය යුතු... 

ඉරි තැලී යන වැවක පතුලක්
පිරිමදිමින් පිරිය යුතු... 

නියංසායෙන් පෙළෙන පොළවක
සුසුම් සෝදා හැරිය යුතු... 

අවසන
අහස් කුස
වළාකුළු අතර මුසුවිය යුතු... 

ජලය නම් නිතරම
උස් මුදුන් වල සිට
පහත් බිම් වෙත ගලා යා යුතු...

2017/03/14




10 comments:

  1. අගෙයි
    මේ
    පද
    වැල

    ReplyDelete
  2. ජලය නම් නිතරම ................................................ කදු හෙල් බාදක................................................... ගල් කුළු අතරින් ................................................ ගලා යායුතු !!!

    ReplyDelete
    Replies
    1. එක තැන රැදෙන ජලයෙ කුණු රොඩු එකතු වෙලා පල් වෙනව. ගලා යන ජලය පිරිසිදුයි. ගහ කොළ සතුන්ටත් ප්රයෝජනයි......

      Delete
  3. ජලය නම්
    ගල් පර බාධක හමුවේ
    පෙණ විසුරමින් සිනාසිය යුතු...

    මහා හෙළකින් ඇද හැළෙන කල
    සිහිල් සුදු සළුවක්ව - මනහරව
    ගී ගයමින් ඇද හැළිය යුතු...

    ඉඳහිට මායා බලය පා
    අහස් කුස සිසාරා
    මනරම් ඉන්ද්‍රඡාප මැවිය යුතු...

    ReplyDelete
    Replies
    1. අදුරු පැහැ
      වැහි වළාවක නතර වී
      සත් වර්ණ දේදුණු මැවිය යුතු...

      පහත් තැනිතලා ද
      උස් කදු මුදුන් ද
      වෙනස නොමැතිව
      මීදුමක් සේ සිහිලැල්ව
      වැළදගත යුතු....

      Delete
    2. අපූරුයි ඔබෙ පිළිතුර....

      Delete
    3. ස්තූතියි... පිළිතුර අපූරු වන්නේ මුල් නිමැවුම වඩාත් අපූරු නිසාමය... :)

      Delete