හිතවතිය
නටු අග තියුණු කටු
නියතුඩින් පිරිමදින..
ගිම් කල දිවා හිරු රැසට
මල් පෙත්තකට මුවාවන.
පෙති දෙපෙති විහිදා
පීදෙන නැවුම් කුසුමක
සුවඳට තනිව පෙම් බඳින...
වත්සුණු බිඳක් නොරැඳෙනා
විඩාබර වතමඬලේ
දෙතොල් පෙති අතරේ උතුරා
රැළි නඟයි නුඹෙ හසරැල් ජලාසය..
ළතෙත් බර මෝසම් සුළඟේ
ලිහී විසිරෙන කෙහෙරැලි
අවනත නැතිද ඔය තරමට?
අවරදිග අහසේ
බොහෝ ඈතින් බොඳව
පාව යයි නොදැනී
කලු වලාකුළ...
රුදුරුයි නම් තවත්
ගිම්හාන ගිමන
හිඳිනු මැන
මා ලඟ ම
ඉසියුම් මඳ පවනක් සේ
මුදු ව.

+++++++
ReplyDeleteබොහොම ස්තූතියි!!
Delete++++++++++
ReplyDeleteබොහොම ස්තූතියි!!
DeleteWow. Apuuruyi.
ReplyDeletejayaweawaa
බොහොම ස්තූතියි දුමී!!
Deleteඅන්තිම ටිකට මම ගොඩාක් කැමතියි. ඒ වචන වල හරිම ආදරණිය බවක් තියනවා.
ReplyDeleteබොහොම ස්තූතියි...!!
Delete+++++++++
ReplyDeleteබොහොම ස්තූතියි!!
Delete