Friday, March 1, 2019

අසුරුසැණින් එක මොහොතක දී

"අසුරුසැණින් එක මොහොතක දී
කාලය නැවතී යළි ඇරඹී........."

ප්‍රියාවිය....
කාලය නම්
ඔරලෝසු කටු අතර නොරැඳී
හිම මෙන් මිදී නතර විය හැකි බවටද
අවකාශයම එක මොහොතක
නොපෙනී සැඟව යා හැකි බවට ද
කියාදිය හැක්කේ ඔබටම පමණි...

එහෙත් දවසක
අහම්බෙන් අප දෑස
මුණගැසුණු මොහොතක
ගෙවුණු තත්පර කීපයක 
ඒ කුඩා අනන්තයටය
මම තවම කැමති...




No comments:

Post a Comment