Wednesday, March 27, 2019

පහන් පාමුල


බොහෝ දිගු රැය වල
තනිකමේ රුදුරු
ලසෝ දුක් පිසදමා
ළඟින් හිඳ සොඳුරු
හාත්පස එකළු කර
සිය එළිය පැතිරු
පහන් පාමුල තමා
වැඩියෙන්ම අඳුරු..





No comments:

Post a Comment