Monday, March 11, 2019

ඉතිරි පා සළකුණ


මේ වෙරළ අතහැර
ඔබ නික්ම ගිය පසුව
ගව්ගණනක් ඈතට
කාලය ගත විය
සුළඟක් සේ
කෙහෙරැළි අතරින් හමන..

ඉන්පසුව
තැබිමි
පළමු පියවර..

එහෙත් මේ
ඉතිරි පා සළකුණ
මැකීයනු ඇතිද
රළ පහරට
නැතිනම්
පවතිනු ඇතිද 
මෙතනම
ඊළඟ වසන්තය වනතුරුම..





6 comments:

  1. ගති! ඒ්කෙ අමුතු ‌දෙයක් තියෙනව!

    ReplyDelete