Thursday, September 12, 2019

ඉපැරණි කැළල


වම් අතේ
මැණික් කටුවට යටින්
සුවවෙමින් තිබුණ ඒ කැළල
පෑරුණා ආයෙම
බස් රථේ
පිටුපස ආසනේ ඉඳන් 
හරියටම තුන් වෙනි අසුනේ හැපීමෙන්..

කැළල මත්තෙන්
සීරුවට වැඩෙමින් තිබුණ
සියුම් සම සිඳ බිඳ
වෑහුණා
ඇතුළත කැටිගැහෙමින් තිබුණ
රතු ලේ බින්දු බින්දු
අතැඟිලි දිගේ පහළට...

ගෙදර ගිය පසුව
සුසිනිඳු පුළුන් කැබැල්ලකින් පිස
බෙහෙත් ගල්වාවි ඈ
සුවවෙන්න නැවත..

"කොහොම ඇති වුණා ද මේ කැළල"
ඈ අහන පැන වලට
දෙන්න පිළිතුරක්
සිතා නැත තවම..




4 comments:

  1. පාඨක පරිකල්පනයටත් වැඩි ඉඩක් ඉතුරැ කරපු අපූරැ සංකල්පරෑප එකතුවක් !!!

    කවිපොතක් කරන්න අදහසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන බොහොම ස්තූතියි!! පොතක් ගැන නම් අදහසක් නෑ තවම....

      Delete