අනන්තය තරම් දිගුය රැය...
පොත් සළකුණකින්
සළකුණු කර
කියවා නිම කළ පිට
තබමි පසෙකින්
අත රැඳි පොත...
බමන හිස තුළ
නැග එන රිදුම් පිරිමැද
හැන්ඩ් ෆ්‍රී යුගලයෙන්
මිමිණෙයි ගීයක පද පෙළ..
යම් ශෝකයක්
පාලුවක්
වේදනා ඉමිහිරක්
තිබේදැයි ඒ තුළ
සොයා වෙහෙසෙයි සිත..
ඇඟිලි තුඩු අගින්
වත් පොතේ
අලුත් පිටු
සෙල්ෆි පින්තූර අතරේ
ඉබාගාතේ සැරසරයි
නිදිබර නෙත..
මිතුරු ඇරයුම් කවුලුවක
පිපී ඇති සිනා මල් වැලක
යම් පුරුදු බවක් ඇති වග
පෙනෙනුයේ ඇයි දැන්
No comments:
Post a Comment