Thursday, December 12, 2019

තරු එළි බිඳ


හීනෙකින් හෝ හැබැහැට
නොලැබුවත් කිසි දවසක
ලං ලං ව පියාසරනා
බිඟු තුඩක
පහස

කාන්තාරෙක මැද වුණත්
අවදිවී හිනාවෙයි
මඳ සුළං දහරට
පතොක් මල්
දහස..

සීතලම සීතල
වැහි කඳුළු බින්දුවක
සඟවා එවූවත් පොළවට
වැහි වළාවක
රහස..

සඳ නොමැති රෑ මැද
තරු එළිය එක බිඳක්
නොදී ඉන්නට තරම් 
නපුරු නෑ
කිසි දාක 
අහස..





3 comments:

  1. අපූරුයි !!!
    රුවන් බන්දුජීවගෙ කවිවල හෙවණැල්ලක් නම් පේනවා

    ReplyDelete
    Replies
    1. බන්දුජීව මම කැමතිම කවියෙක්.. අපි යමක් ලියනව නම් ඒ අයගෙ කවි කියවීමෙන් ලැබුව යම් දෙයක් නිසා තමයි... අනිවාර්යයෙන්ම ඔහු මට ලියන්න දැඩිව බලපෑ කවියෙක්... බෙහොම ස්තූතියි!!

      Delete
  2. අළුත් රටාවක් ..... අපූරු අත්හදා බැලීමක් .....

    ReplyDelete