ඉපිලෙමින් ඔබ රළ නඟන කල
බලා හිඳ මොහොතක් වෙරළත
සෙමෙන් පියවර තබා සපැමිණ
ගිලෙමි ඔබ තුළ, පිහිනමි සිතු ලෙස..
යළිත් ඇවිදින් වෙරළ මතුපිට
වෙහෙසකර අත පය සතපවා
සිතේ ඇමිණුන කුඩා කවියක්
කුරුටුගානා කළ
නොසන්සිඳෙනා දෑසින්
බලා හිඳී ඔබ
තවමත් මා දෙස...
යළි පැමිණ
නොගොසින් ගැඹුරට
ඉඩ දෙමි
කිරි සුදු පෙණ වලට
සිපගන්න මා දෙපා
මුදුලෙස..
අසීමිත
සයුරකි ඔබ
පෙණ නගන
යළි හැපෙන
මුදු හඬින්
විසිරෙන..
කුඩා මිනිසෙක්මි මම
කුඩා කුඩා කවි
කුරුටුගානා
වැලි මත..
++++++++++
ReplyDeleteබොහොම ස්තූතියි!! :)
Deleteඋඹ කවියෙක්!!!
ReplyDeleteබොහොම ස්තූතියි!! :)
Deleteඅපුරු වෙනස් ලියමනක් .....ලස්සනයි ...
ReplyDelete