වික්ටෝරියා රැජින බ්‍රිතාන්‍යය පාලනය කළ කාලය, වර්ෂ 1837 ඉදන් 1901, වික්ටෝරියානු යුගය විදිහට හැඳින්වෙනවා. මේ යුගය බ්‍රිතාන්‍ය සමාජය කැපී පෙනෙන වෙනස් කම් වලට ලක් වුණ කාල සීමාවක්. විශේෂයෙන් කිතුණු දහම විසින් හික්මවන ලද සදාචාරය, සභ්‍යත්වය, විනය ගැන අදහස් සමාජය පුරා පැතිර ගියා. ඇඳුම පැලඳුම, කතා බහ, හැසිරීම ඇතුලු ජීවිත පැවැත්ම පිළිගත් සදාචාරමය රාමුවක් ඇතුලෙ තිබිය යුතුයි කියන කාරණය සමාජයේ මුල් බැස ගත්තා. පිරිමින් පුළුවන් තරම් ධනය ඉපයීම, වැදගත් මහත්මයෙකු විදිහට හැසීරීමත් ගැහැණු උයන පිහන ගේ දොර වැඩ කිරීම.. යහපත් චරිතය රැකීම..ආගම දහමට යොමු වීම .. විනයානුකූලව හැසිරීමත් කල යුතු වුණා..ඇඳුමක් අඳිනව නම් එය ශරීරය පුලුවන් තරම් ආවරණය කරන සංවර එකක් විය යුතු යි. ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය මේව ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම අපරාධයක්, මහ නැහැදිච්ච කමක් විදිහටයි සැලකුණේ.. ඉතින් මේ වික්ටෝරියානු සදාචාරයෙන් ඒ වෙනකොට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට යටත්ව තිබූ රටවල් ආසාදනයට ලක්වීම නොවැලැක්විය හැකි වුණා. අපේ රටටත් මේ අදහස් බොහොම තදින් බලපෑව. අද පවා යටත් විජිත සමයේ ඇතිවුණු මේ වික්ටෝරියානු සුචරිතවාදයේ බලපෑම අපේ සමාජයේ දකින්න පුලුවන්..
පවුරු වළලු සිනමාපටයට අවධානය යොමු කරන්න ඕන මෙන්න මේ කාරණය සැලකිල්ලට ගනිමින්. 60 දශකයේ ගාලු කොටු පවුර තුළ ජීවත් වෙන මධ්‍යම පාන්තික, කතෝලික ආගමික පවුලක් වටා චිත්‍රපටය ගොඩනැගෙන්නෙ. වයලට්, දියණියන් දෙදෙනෙකුගෙ මවක් වෙන මැදි වයසේ කාන්තාවක්. වයලට් ගේ විවාහක ස්වාමි පුරුෂයා ඇගෙන් නීත්‍යානුකූලව වෙන් නොවුණත් ඔහු ජීවත් වෙන්නෙ වෙනමයි. වයලට් ගේ වැඩිමහල් දියණිය විවාහ වෙලා දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්නව. අනෙක් දියණියට දැනටම පෙම්වතෙක් ඉන්නව. ගෙදරදීම ඇදුම් මැසීමෙන් ලැබෙන මුදලින් වයලට් සහ බාල දියණිය ජීවත් වෙන්නෙ. මේ අතරෙ යෞවනයෙදි ඇගෙන් වෙන්වුණු පෙම්වතෙක් වුණ වික්ටර් අවුරුදු 25 කට පස්සෙ ඇයට නැවත මුණගැසෙනව. ඔවුන් දෙදෙනාගේ හමුවීමත් ඒ හමුවීම ඔවුන්ගේ ජීවිත වලට කරන බලපෑමත් මුල්කරගෙන ඉන්පසු කතාව ගලා යන්නෙ..
වයලට් නැත්නම් වයලා දරුවන් ඉන්න විවාහක මැදි වයසේ කාන්තාවක්. ඇයට පිටස්තර පිරිමියෙක් සමග කතා බහ කිරීම ඇසුරු කිරීම අකැප දෙයක් වෙලා. ඊට හෙතුව අර වික්ටෝරියන් සුචරිතවාදී සමාජ බලපෑම නිසා. ඇය ඒ තත්ත්වයට පත් වෙන්න එක හේතුවක් විවාහය ඇතුලෙ ඇයට ආදරය අහිමිවීම. ඇයට ස්වාමිපුරුෂයෙක් හිටියෙත් ඒ නමට පමණයි. ඔහුගේ ජීවිතය ඇතුලෙ ඇයට තැනක් හිමි වෙන්නෙ නෑ. ඉතින් ඒ හිස්කමත් යෞවනයේ අහිමි වුණ ඒ ආදරය ගැන ඇති නොස්ටැල්ජියාත්මක බැඳීමත් ඈ වික්ටර් වෙත ලංවෙන්න බලපා ඇති බවට සැකයක් නෑ. නමුත් මෙතනදි අනිවාර්යයෙන්ම සිදුවිය හැකි විදිහට අර සුචරිතවාදී පිටස්තර සමාජය ඇයව වටහා ගන්නෙ නෑ. ඇයව පව්කාර ගැහැණියක් විදිහට නම් කරන සමාජයෙන් ඇයට නැවත ලැබෙන්නෙ ගල් පහර පමණයි. ගැහැණියකට යෞවන වයසේ, විවාහ ජීවිතයේ, දරුවන් බිහිකිරීමේ, ඔවුන් හදාවඩා ගැනීමේ .. ජීවීතේ මේ නොයෙක් අවධීන් තුල විඳීමට සිදුවන අනන්ත අප්‍රමාණ දුක් ගැහැට චිත්‍රපටය පුරා සියුම්ව මුහුවී ඇති ආකාරය නිරීක්ෂණය කරන්න පුලුවන්.
නොයෙක් අපවාද, අපහාස, නින්දාවන් හමුවේ ඇයට විඳින්න සිදුවන පීඩනය වයලට් ගේ චරිතය රඟදක්වන නීටා ප්‍රනාන්දු රංගවේදිනිය ඉතාම මැනවින් නිරූපණය කරන්න සමත් වෙනව. ඇගේ මේ රංගනයට 1998 සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළලේදි ඒ අවුරුද්දේ හොඳම ආසියානු නිළියට හිමි සම්මානය හිමි වීම පුදුමයක් නෙමෙයි. පවුරු වළලු චිත්‍රපටයෙ වයලා, සිංහල චිත්‍රපටයක මං දුටු ප්‍රබලම කාන්තා චරිත නිරූපණයන් අතරට එක්වෙනවා. (නීටා ප්‍රනාන්දු මහත්මිය රගපෑමෙන් එක්වන "පාංශු" සිනමාපටයෙ ඇගේ රගපෑම් ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවකදිම ඇගයීමට ලක්ව ඇති බව අහන්න ලැබෙනව. පාංශු තවම අපේ රටේ තිරගත කර නැහැ. එය ඉක්මණින්ම ප්‍රේක්ෂකයා හමුවට පැමිණිය යුතු සිනමාපටක්) ඇය ඇත්තටම අපේ රටට සම්පතක් බව කියන්නෙ ඉමහත් ගෞරවයෙන්. බාල දියණිය විදිහට සංගීතා වීරරත්නත්, වික්ටර් විදිහට ටෝනි රණසිංහත් ඉතාම හොද රංගනයක යෙදෙනව.
පවුරු වළලු තිර රචනය ටෝනි රණසිංහ මහත්මයාගේ. "පවුරු වළලු" මේ දූපතේ යමක් කළ හැකි සිනමා කරුවන් අතරෙ ඉහළින්ම ඉන්න ප්‍රසන්න විතාගේ මහත්මයගෙ සිනමා වර්ණාවලියේ දීප්තිමත්ම වර්ණයක් බව සදහන් කළ හැකියි. (ඔහුගේ නවතම සිනමාපටය "ගාඩි" ඉදිරියේදි අපිට දැකගන්නට ලැබේවි) ඉතාම හොඳ මට්ටමක සිනමා භාවිතාවක් මේ චිත්‍රපටය පුරා දැකගන්න පුළුවන්. ගාලු කොටු පවුර ආශ්‍රිත පරිසරය..වේගයෙන් ඇවිත් පවුරේ හැපෙන මුහුදු රළ.. ඉර බැහැගෙන යන අහස... හුදෙකලාවේ ආලෝකය විහිදුවන ප්‍රදීපාගාර.... ඉහළින් මතුවී පෙනෙන පල්ලියේ කොත් මුදුන.. මේව රෑපමය වශයෙන් බොහොම ප්‍රබල ඇඟවුම් කාරකයන් විදිහට ගන්න පුලුවන් සංකේත. ඒ සංකේත රූප වලින් හොදින් වැඩ අරගෙන තිබුණ ආකාරය දැකගත හැකියි. ඒ අවසන් දර්ශනය මාව තදින්ම කම්පනයට පත් කළා. ඇයි ඇයට එහෙම වුණේ...ඇයි ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය මානව සම්බන්ධතාවක් විදිහට බාරගන්න සමාජයට බැරි.... ඔවුන් අවසානෙ කොහෙටද යන්නෙ.. ඇගෙ උමතුබව ඇත්තම එකක්ද .. කොහොම නමුත් කොටු පවුරෙන් මිදිල ඔවුන් යන රූපය ඔවුන් මේ වික්ටෝරියන් කොටු පවුරෙන් ඇත්තටම මිදුනාද කියන ගැටලුව පමණක් ඉතිරි කරනව... "පවුරු වළලු" ආදරය අහිමි වූ ජීවිතයකට සහ කිසිදා ලබාගත නොහැකි ප්‍රේමයකට උරුමකම් කියන ගැහැණියක් සමාජ, සංස්කෘතික බලපෑම හමුවේ විඳින අනන්ත දුක් පීඩාවන් නිරූපණය කරන සහ අපි වටා නැගීහිටින මේ පුහු සදාචාරවාදයේ දැඩි පවුර කලාත්මකව නිරූපණය කෙරෙන සිනමාකෘතියක් විදිහට හඳුනා ගත හැකියි.
ප.ලි. - "පවුරු වළලු" නරඹන්න කැමති අයට යූ ටියුබය හරහා චිත්‍රපටය නරඹීමේ හැකියාව තිබෙනව. මුලු චිත්‍රපටය ම යූටියුබයේ අන්තර්ගතයි..
පවුරුවලලු චිත්‍රපටයෙන් කෙරෙන්නේ කතෝලික සංස්කෘතියට ගැරහීම සහ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ හරපද්ධතීන් ඔසවා තැමමමයි. ඔ්ක පරණ තැටියක්. බටහිර චිත්‍රපටවල හැමවිටම කතෝලික ආගමික සංකේතවලට මඩ ගැසීම වෙනවා. එහෙම නොවුනානම් තමයි පුදුම.
ReplyDeleteදෙමළ පිරිමියෙක් සිංහල ගෑණියෙක් දූෂණය කරන ජවනිකාවක් අඩංගු චිත්‍රපටියක් හදන්න පුළුවන් කාලාකාරයෙක් ඉන්වනම් මම එදාට පිලිගන්නවා ලංකාවේ රැඩිකල් කලාකරුවෝ ඉන්නවා කියලා.
@ anthoniyo bahijata
Delete// දෙමළ පිරිමියෙක් සිංහල ගෑණියෙක් දූෂණය කරන ජවනිකාවක් අඩංගු චිත්‍රපටියක් හදන්න පුළුවන් කාලාකාරයෙක් ඉන්වනම් මම එදාට පිලිගන්නවා ලංකාවේ රැඩිකල් කලාකරුවෝ ඉන්නවා කියලා.//
මේ නලින්ද සිල්වා ගොබ්බයාගේ පශ්තාත් භාගය ලොවින්න ආස පිස්සු අන්තෝනියා නේද ???
ඇයි ගොනෝ උබ ලංකාවේ උන්ගේ මානසිකත්වය දන්නේ නැද්ද ?
උබ කියන ජාතියේ සින් එකක් තියන චිත්‍රපටයක් ලංකාවේ හැදුවොත් එක පෙන්වන චිත්‍රපට ශාලාවත් ඉවරයි, හදපු එකාත් ඉවරයි.........ඒ තරම් කලාව දන්න දේශප්‍රේමී පේක්සකයෝ ඉන්නේ මෙහෙ........ඕක වත් නොතේරෙන තෝ වගේ ගොනෙක්.........
චරිත කීපයක් විතරයි.පසුතලත් එකක් දෙකක් විතරයි.දැවැන්ත පසුතල ඇත්තෙත් නෑ.සාපේක්ෂව අඩු වියදම් චිත්‍රපටයක්.ලොකු වෙළඳපොළක් නැති ලංකාව වගේ රටකට හොඳ අකෘතියක්.ප්‍රසන්නගේ මුල් සිනමා පට වල මෙම ආකෘතිය දක්නට ලැබුනා.
ReplyDelete