"කිසිදිනක මා සිඹින ලෙසටද, ඔබ වැරදි බව මා දන්නා කල මගෙන් සමාව ඉල්ලා සිටින ලෙසටද මම ඔබෙන් නොඉල්ලමි. මට වඩාත් ඔබ අවැසි මොහොතක මා වැළඳ ගන්නැයි ඔබෙන් නොඉල්ලමි. මා කොතරම් සුරූපීදැයි (එය සැබෑවක් නොවන නමුත්) පවසන මෙන් ද, මා වෙනුවෙන් ඉමිහිරි දෑ ලියා එවන මෙන් ද ඔබෙන් නොඉල්ලමි. නිතර මා අමතන මෙන් ද, මා ළඟ නොමැති කල ඔබ හද පාලුවෙන් පිරී යන බව පවසන මෙන් ද කිසිදාක මම ඔබෙන් නොඉල්ලමි. ඔබ වෙනුවෙන් මා කල සෑම සියලු දේ වෙනුවෙන් ස්තූතිවන්ත වන ලෙසටද, මා හද ශෝකයෙන් පෙළෙන කල මා සනසන ලෙසටද, මා විසින් ගනු ලබන තින්දු තීරණ කෙරෙහි මට සහය වන ලෙසටද කිසිදාක මම ඔබෙන් නොඉල්ලමි. ඔබ හා බෙදාගැනීමට දහසකුත් දේ ඇති කල මට සවන් දෙන මෙන් ද කිසි දාක මම ඔබෙන් නොඉල්ලමි. කිසිවක් මම ඔබෙන් නොඉල්ලමි. සදහටම මා සමඟ සිටින ලෙස වත් නොඉල්ලමි. මන්දයත් එය ඔබෙන් ඉල්ලා සිටීමට සිදු වුණොත් කිසිදාක මට එය උවමනා නොවන බැවිනි"
Monday, December 28, 2020
කිසිවක් ඔබෙන් නොඉල්ලමි - Frida Kahlo
Tuesday, December 22, 2020
මිනිසෙකුටත් වඩා විශාල ශාඛ පත්‍රය
සදාහරිත තෙත් වැසි වනාන්තර කියන්නෙ ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ පරිසර පද්ධතියක් බව කලින් පෝස්ටුවකත් සඳහන් කළා. ඒ අතර දකුණු ඇමරිකානු ඇමේසන් වනාන්තරය සුවිශේෂ එකක් වෙන්නෙ ලෝකයෙ දැන් පවතින විශාලතම වැසි වනාන්තරය වගේම වෙනත් කිසිම තැනකින් හමු නොවන අපූර්වතම ජීවි විශේෂ මුණගැහෙන කලාපයක් නිසා. මේ ඒ අතරට එකතු වෙන අලුත්ම සාමාජිකයෙක්. Coccoloba gigantifolia මෙතෙක් හමුවී ඇති විශාලතම පත්‍ර සහිත ශාක විශේෂ අතරින් එකක්. 2019 අවුරුද්දෙදි විද්‍යාඥයන් මේ ශාකය තනි ශාක විශේෂයක් බවට නිල වශයෙන් පිළිගනු ලබනව. පර්යේෂකයන්ට මුල් වරට මේ අපූරු දැවැන්තයා මුණගැසෙන්නේ 1983 අවුරුද්දේ ඇමේසන් වනයේ Madeira ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව. Coccoloba gigantifolia ගසක් සාමාන්‍යයෙන් අඩි 50 ක් පමණ උසට වැඩෙනව. ගසේ විශේෂම කොටස වුණු ගසේ පත්‍රයට අඩි 8 ක් පමණ දිගකින් වර්ධනය වීමට හැකියාව තිබෙනව. (පින්තූරයෙ ඉන්නා මිනිසා සමග සන්සන්දනය කරල පත්‍රයේ විශාලත්වය අනුමාන කරගන්න) මේ තරම් විශාල පත්‍ර ගසක පිහිටන්නේ කියල ඔබ පුදුම වේවි. නමුත් සම්පූර්ණ ගසම දැක්වෙන ඡායාරූප වලට අනුව ගසේ මුදුනෙන් පත්‍ර කීපයක් පමණයි හටගන්නෙ. (පළමු කමෙන්ටුවේ) මේ ගස ඉතාම දුර්ලභ එකක්. දැනට සොයාගෙන තිබෙන්නෙත් ගස් කීපයක් පමණයි. කොහොම වුණත් විද්‍යාඥයන් මේ ගස වෙනම ශාක විශේෂයක් විදිහට පිළිගත්තේ නැහැ. ඔවුන් ගසක බීජ ලබාගෙන ගසක් සම්පූර්ණයෙන් වැඩි වර්ධනයවී මල් ඵල හටගන්නා ආකාරය නිරීක්ෂණය කරල තමයි ඒ තීරණය අරගන්නෙ. (මල් සහ ඵලය අද්‍යයනය කිරීම ශාඛ වර්ගීකරණයට අවශ්‍යම දෙයක්) ඉතින් ඔවුන්ට මේ කාර්ය සම්පූර්ණ කරන්න ලැබෙන්නෙ වසර 13 කට පසු 2019 අවුුරුද්දෙ. දැනට සිදුවෙමින් යන සීග්‍ර වන විනාශයන් සහ දේශගුණ විපර්යාසයන් එක්ක මේ ගස සම්පූර්ණයෙන්ම වඳවී යැමේ තර්ජනයට දැඩිව මුහුණපා තිබෙන බව තමා සඳහන් වෙන්නෙ.
Thursday, December 17, 2020
Carol (2015)
(2020/12/13 "ලංකා" පුවත්පතේ Rose අතිරේකය වෙනුවෙන්)
Saturday, December 12, 2020
සුබ ගමන් Kim Ki-Duk !
ශ්‍රේෂ්ඨ සිනමාකරු Kim Ki-Duk ගැන මේ සටහන දින කීපයක පටන් පරිවර්තනය වෙමින් තිබුණ එකක්. Covid 19 නිසා ඔහු අද (2020/12/11) මිය ගිය පුවත අහන්න ලැබෙන්නෙ නොහිතුම විදහට. ඔහුගේ මරණයත් සමග මේ සටහන බෙදාහදා ගන්න සිදුවීම ඇති කරවන්නෙ ශෝකයක්. ඒ නික්මයාමෙන් ඉතිරි වුණු හිස්තැන ඉතිහාසයේ හැමදාමත් නොමැකී තියේවි. Kim Ki-Duk මහත්මයාණෙනි.. ලබාදුන් හැම දෙයක් වෙනුවෙන් ස්තූතියි 🖤
Wednesday, December 9, 2020
3 Iron (2004)
ජීවිතය කියන්නෙ සැබෑවක් තුල දකින සිහිනයක් ද? නැත්නම් සිහිනයක් තුළ පවතින සැබෑ යමක් ද? ජීවිත කාලයක් පුරා උපයාගත්ත සියලු දේ එක මොහොතකින් අහිමි වී යන්න පුලුවන් නම් මේ පැවැත්ම ඇතුලෙ සැබෑවටම පවතින යමක් තියනව කියන්නෙ කොහොම ද? සහතිකයි කෙනෙකුට ලේසියෙන් හොයා ගන්න බැරි බව ඔය ප්‍රශ්නවලට උත්තර. නමුත් අපි අවට ලෝකය දිහා හැරිල බැලුවොත් දකින්න ලැබෙන්නෙ තාවකාලික පැවැත්මක් සදාතනිකව අල්ලගන්න දරන නොනවතින තරඟයක්. ආර්ථිකමය සහ සමාජීය අතින් උන්නතිකාමයම අරමුණු කරගත්ත නොමිනිස් අරගලක්. එක අතකින් වඩා උසස් ආකාරය ජීවිතය ගොඩනංවාගැනීමේ නැඹුරුතාව මිනිස් ශිෂ්ටාචාරය මේ දක්වා හැඩගැන්වූ බවට සැකයක් නෑ. නමුත් අනෙක් අතෙන් සිදුවී තිබෙන්නෙ මිනිසා ක්‍රමාණුකූලව ලබාගෙන තිබෙන සුවිශාල දියුණුව, කෙටි කාලීනව නවාතැන් ගන්න ඉඩ ඇති ලෝකය සියලු මිනිසුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වෙන්න ඇති ඉඩ අහුරන දැඩි තෘෂ්ණාවක් බවට පරිවර්තනය වීමක්. ඛේදවාචකය වෙන්නෙ කෙනෙක් මේ ජීවිත ක්‍රමයට වෙනස් ව පවතින්න උත්සාහ කරන වෙලාවට මුලු සමාජයටම ඒ පුද්ගලය පිටස්තරයෙක් බවට පත් වීම.
Monday, December 7, 2020
ඇය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න
බොහෝ සේ පොත පත කියවන ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න, ලිවීමෙහි යෙදෙන ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න, හැඟුම් මාත්‍රයන් ගැඹුරින් අත්විඳින ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න.
Friday, December 4, 2020
We need to talk about Kevin (2011)
(2020/ 12/ 04 ලංකා පුවත්පත)
Wednesday, December 2, 2020
ප්ලාස්ටික් මල
Tuesday, December 1, 2020
Scenes from a Marriage (1973)
අවුරුදු දහයක ප්‍රීතිමත් විවාහ ජීවිතයක් කියන්නෙ විශේෂයෙන් කතා කල යුතු මාතෘකාවක් බවට පත් වීම ඇතුලෙ තියෙන්නෙම එක්තරා ආකාරයක උත්ප්‍රාසයක්. මොකද විවාහයක් කියන්නෙ ජීවිත කාලය පුරාම එකිනෙකාට ට ආදරය කරන බවටත් ලෙඩ දුකේදීත් සුව සැපේ දීත් ලඟින් ඉන්නා බවට පොරොන්දු වෙමින් ඇති කරගන්න ගිවිසුමකට නිසා. නමුත් සෑබෑ ලෝකයෙදි දකින්න ලැබෙන තත්ත්වය ඊට වඩා සෑහෙන වෙනස්. අවුරුදු ගණනාවක විහාහ ජීවිත ගත කරමින් ඉන්නා බොහෝමයක් දෙනෙකුගෙ අත්දැකීම් විමසල බැලුවොත් තමන් ගත කරන මේ ජීවිතේ විශේෂ සතුටක් හෝ දුකක් නැතිව, විවාහ වුණ නිසා මොන ආකාරයකින් හරි එය පවත්වාගෙන යන බවත් කියාවි. නැත්නම් වෙන් වෙන්න තරම් දැන් ප්‍රමාද වැඩියි, දරුවන් නිසා හරි එකට ඉම්මු.. වගේ අදහසකින් විවාහයක ඒකාකාරී නීරස බව විඳදරාගෙන ජීවිත ගෙවාදමන බව කියාවි. ඇයි එහෙම වෙන්නෙ?
Monday, November 30, 2020
ඔබ හමුවීම සුදුසු නැත
Thursday, November 26, 2020
Lucia -(2013, language - Kannada)
Wednesday, November 25, 2020
කැඩපත
Friday, November 20, 2020
Waves (2019)
(2020/11/20 "ලංකා" පුවත්පත වෙනුවන්)
Thursday, November 19, 2020
මිහිමත ජීවයේ හෙට දවස - David Attenborough : A Life on our planet
සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල හැකි කෙනෙකු බව කීවොත් එහි වරදක් නෑ. 1926 වසරේ උපත ලැබූ ඔහු ඉන්පසු මිනිස් ශිෂ්ටාචාරයේ ඇති වූ ලෝක යුදධ, කාර්මිකරණයේ ව්‍යාප්ත වීම, සඳ තරණය කිරීමේ පටන් එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරන යන්ත්‍ර සූත්‍ර බිහිවීම, ගුවන්විදුලිය, රූපවාහිනිය, පරිගණකය, අන්තර්ජාලය, ඉන්පසු ස්මාර්ට් ජංගම දුරකත දක්වා මෑත ඉතිහාසය තුළ සිදුවුණු තීරණාත්මක වෙනස්වීම් සියැසින් දුටු සාක්ෂිකරුවෙකි. ඒ සියලුදේටම වඩා සන්නිවේදකයෙකු, ස්වභාවධර්ම විද්‍යාඥයෙකු ලෙස පෘථිවියේ අස්සක් මුල්ලක් නෑර සැරිසැරුවෙකි. උත්තර අර්ධගෝලයේ හිම තලාවන් අතරද, අත්ලාන්තික් සයුරේ නිල් තල්මසුන් සමගද, වැලි කාන්තාර සහ සදාහරිත වනාන්තර අතර ද සැරිසරමින් මෙතෙක් ලොව නොදුටු අරුමැසි සත්ත්වයන් ඒ ඒ බිම්කඩ වලට ස්වදේශක ජනකණ්ඩායම් මුල් වරට ලෝකයට අනාවරණය කලේ ය. සොබාදහම පිලිබඳ, ඔබත් මමත් නිවසේ සිට සුවපහසුව නරඹන වාර්තාමය වැඩසටන් නිපදවීම පිළිබඳ පුරෝගාමී වූයේ ඔහු ය. ලෝකයේ විවිධාකාර පරිසර පද්ධතීන් මෙන්ම ජීවයේ පරිණාමය පිළිඳව ඔහු ඉදිරිපත් කල වැඩසටහන්වල දැනුමෙන් පරම්පරා ගණනක් පෝෂණය වී තිබේ.
Wednesday, November 18, 2020
පොළව ගැඹුරෙන් නික්මෙන හඬ - දොස්තොව්ස්කි
"මම ලෙඩෙක්.... මම නපුරු මිනිහෙක්. මහ එපාම කරපු ජාතියෙ එකෙක්. මම හිතන්නෙ මගෙ අක්මාව වේදනා දෙනව. මොනාවුණත්, මගෙ ලෙඩේ ගැන තඹ සතේක දෙයක් මම දන්නෙ නෑ. රිදුම එන්නෙත් හරියටම කොතනින්ද කියන්නත් මට නිච්චියක් නෑ. වෛද්‍ය විද්‍යාවටත් දොස්තරවරුන්ටත් ගරු කරනව වුණත්, මම කවදාවත් මේ ලෙඩේට බේත් අරගෙන නෑ. තවදුරටත් කියනවනං, මම මිත්‍යාදෘෂ්ටිකයි සෑහෙන තරමට, අඩුගානෙ බෙහෙත් වලට ගරුනොකර ඉන්නෙ නැති තරමට. (මිත්‍යාදෘෂ්ටික නොවෙන්න තරමේ උගත් කමක් මට තිබුණත්, මම මිත්‍යාදෘෂ්ටිකයි). නැහැ මහත්මයා, මම බෙහෙත් නොගෙන ඉන්නෙ මගෙ තියන නපුරු කම නිසා මිස වෙන දෙයක් හින්ද නොවෙයි. දැන්, මේ කාරණේ නම් ඔබට කොහෙත්ම තේරුම්නොයන බව නම් සහතිකයි. හොඳයි මහත්මය, ඒත් මට ඒක හොඳටම තේරුම් ගන්න පුලුවන්. මගෙ නපුරුකම හින්ද විඳවන්න වෙන්නෙ කාටද කියල මම අමුතුවෙන් පැහැදිලිකර දෙන්න යන්නෙ නෑ. බෙහෙත් නොගෙන ඉඳීමෙන් මම දොස්තරවරලට "මහ වාතයක්" වෙන්නෙ නැති බව හොඳාකාරවම මම දන්නව. මේ හැමදේකින්ම අවසානෙ විඳවන්නෙ මම බව වෙන කාටත් වඩා හොඳට මම දන්නව. ඒව කොහොම වුණත් මම බෙහෙත් නොගෙන ඉන්නෙ නම් මගෙ නපුරුකම හින්දමයි. මගෙ අක්මාව රිදෙනව.. හොඳයි එහෙනම් ඒක තව වැඩි වැඩියෙන් රිදුනදෙන්!!