සමහර වෙලාවට මට හිතෙනවා
දෙවියෝ හිතාමතාම
තල්ලුකරමින් ඉන්නා බව මාව
ගින්නට..
මං හොඳ පද පේළියක්
ලියන හැටි බලා ඉන්නට...
දෙවියෝ ඉඩ දෙන්නෙ නෑ මට..
සැපසේ ඉන්න මගෙ විශ්‍රාම ජීවිතේ
හොඳ හැටි ඇඳපැළඳගෙන
දේශනාවක් දෙන්න විශ්වවිද්‍යාලයක..
දෙවියන්ට ඕන
මාව රිදවල සතුටක් ලබන්න...
මම හිතන විදිහට
මං ඇර අනික් මිනිස්සු හැමෝම
එපා වෙලා එයාට හොඳටම..
දෙවියන්ට විතරක් නෙමේ
මටත් එහෙමයි වෙලාවකට..
දැන් මගෙ ලයිටරේ හිඳිලා
මම ඔහේ වාඩි වෙලා ඉඳගෙන
උත්සාහකලත් කොයිතරමට
ඒක පත්තු වෙන්නෙ නෑ...
ඒව එහෙම තමා
මේ වගේ ගින්දරක්
දෙවියෝ මට දෙන්නෙ නෑ...
.
.
.
- Charles Bukowski ගේ This kind of fire නම් පැදිය ඇසුරෙන්
No comments:
Post a Comment