Monday, September 11, 2017

මේ තරම් මොකටද කවි පොත්?


පොත් අල්මාරියේ
වැඩි ඉඩක් අරගෙන
සේකර, රත්න ශ්‍රී, රණවීර
පරාක්‍රම, මොනිකා
ඇස් මානෙ පැටලි පැටලී
හීන් සීරුවේ හිත කියනකොට
අරන් පෙරලා බලන්නට.

සුලං පොදක් වත් අහලක
නැති වෙද්දි ජීවිතේ
කවියන්ගෙ සුසුම් ඇමිණුව
පිටුවල අතරමං වෙන්නට.

හිත අස්සේ
නිදිකිරා වැටෙන
දාස්ගාණක කැකුළු මල්
සියුම් ඉඳිකටු තුඩකින්
තට්ටු කර
පුබුදුවා ගන්නට

අන්ධකාරයෙ පවා දිදුලන
සිනිඳු අකුරක් කෙළවර
දිලිසෙන පිනි කඳුළු බිඳුවක
එළිකිරණේ රැස් දහරේ
මොහොතක් නතර වෙන්නට

කාලයක් ලඟ උන්න
පැරණි පෙම්වතියක සේ
මතකයේ ආදරණීය තැනක
රිදුමක්ද සමඟින්
පරිස්සම් කර තියා ගන්නට.

ඉන්න ඕනමයි
අත පෙවිය හැකි මානෙන්
ඒ කවි පොත් එතන
අතට ගන්නා තුරු
ආයෙමත් දවසක.

2016/09/11




17 comments:


  1. බලා හිඳ මේ දෙස
    ඉරිසියාවෙන් පැලෙන්නට!

    ReplyDelete
    Replies
    1. බුක්ෆෙයා ලග ලගය..

      මේ නිකං කිව්වෙ ;)

      Delete
    2. සමහරවිට ඉරිසියා කරන්නේ එහෙමටමත් දේකට නොවේය. අදින්න පුබ්බක කෙනෙක් වෙන්නටත් පුළුවන

      Delete
    3. අදින්න පුබ්බක...කතාව පැහැදිලි මදි ය?

      Delete
    4. මට්ටකුන්ඩලිගේ තාත්තනේ එයා...

      ලෝබකමේ ප්‍රතිමුර්තිය නේ...

      Delete
    5. ලෝබකං කරනු හොදද කවියට?

      Delete
    6. කවියට ලොබ මිසක
      කවියකට කුමට ලෝබ කොට?
      අයිතිකර ගනු නොහැක
      කියා හිතෙනා පොත්ම කන්දක?

      Delete
    7. බොහෝ දුර ඇවිද
      කාලයක් දුක් දරා
      බිහිකර ගත් යමකි
      මේ කන්ද

      හිත ඇති නම් ඔබෙත්
      පත කුඩා වන්නේ මන්ද?

      Delete
  2. කවි පොත් කන්නද බං.. කඩල ගොටු ගහපං.. හැක්

    ReplyDelete
    Replies
    1. කඩල කන ගමං කියවහල්ලා...

      Delete
  3. කවි පොත් කියවීම සරීර සහුක්යට අගුනය.... කන්න චීස් බර්ගර්...

    ReplyDelete
  4. හුදෙකලාවේ අතරමන් වූ සිත්
    වලට සතුටක් ගෙනෙයි කවි පොත්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉන්න ඕනමයි
      අත පෙවිය හැකි මානෙන්
      ඒ කවි පොත් එතන
      අතට ගන්නා තුරු
      ආයෙමත් දවසක.

      ජය!!!

      Delete
  5. බොහෝ කවි පොත් පළ වෙන්නේ රචකයාගේ චිත්තප්‍රීතිය ම උදෙසා ය.

    ReplyDelete
    Replies
    1. නිවැරදියි....මොකද කවිපොත් මිලට අරගෙන කියවන විශාල රසික පිරිසක් නෑ...කවියත් එක්ක ඉන්න බොහොම සීමිත පිරිසක්...ඉතින් රචකයා ගේ ම ආත්මතෘප්තියත් ඒ සීමිත පිරිසත් වෙනුවෙන් තමා කවි පොත් පළවෙන්නෙ....

      Delete