පොත් අල්මාරියේ
වැඩි ඉඩක් අරගෙන
සේකර, රත්න ශ්‍රී, රණවීර
පරාක්‍රම, මොනිකා
ඇස් මානෙ පැටලි පැටලී
හීන් සීරුවේ හිත කියනකොට
අරන් පෙරලා බලන්නට.
සුලං පොදක් වත් අහලක
නැති වෙද්දි ජීවිතේ
කවියන්ගෙ සුසුම් ඇමිණුව
පිටුවල අතරමං වෙන්නට.
හිත අස්සේ
නිදිකිරා වැටෙන
දාස්ගාණක කැකුළු මල්
සියුම් ඉඳිකටු තුඩකින්
තට්ටු කර
පුබුදුවා ගන්නට
අන්ධකාරයෙ පවා දිදුලන
සිනිඳු අකුරක් කෙළවර
දිලිසෙන පිනි කඳුළු බිඳුවක
එළිකිරණේ රැස් දහරේ
මොහොතක් නතර වෙන්නට
කාලයක් ලඟ උන්න
පැරණි පෙම්වතියක සේ
මතකයේ ආදරණීය තැනක
රිදුමක්ද සමඟින්
පරිස්සම් කර තියා ගන්නට.
ඉන්න ඕනමයි
අත පෙවිය හැකි මානෙන්
ඒ කවි පොත් එතන
අතට ගන්නා තුරු
ආයෙමත් දවසක.
2016/09/11
ReplyDeleteබලා හිඳ මේ දෙස
ඉරිසියාවෙන් පැලෙන්නට!
බුක්ෆෙයා ලග ලගය..
Deleteමේ නිකං කිව්වෙ ;)
සමහරවිට ඉරිසියා කරන්නේ එහෙමටමත් දේකට නොවේය. අදින්න පුබ්බක කෙනෙක් වෙන්නටත් පුළුවන
Deleteඅදින්න පුබ්බක...කතාව පැහැදිලි මදි ය?
Deleteමට්ටකුන්ඩලිගේ තාත්තනේ එයා...
Deleteලෝබකමේ ප්‍රතිමුර්තිය නේ...
ලෝබකං කරනු හොදද කවියට?
Deleteකවියට ලොබ මිසක
Deleteකවියකට කුමට ලෝබ කොට?
අයිතිකර ගනු නොහැක
කියා හිතෙනා පොත්ම කන්දක?
බොහෝ දුර ඇවිද
Deleteකාලයක් දුක් දරා
බිහිකර ගත් යමකි
මේ කන්ද
හිත ඇති නම් ඔබෙත්
පත කුඩා වන්නේ මන්ද?
කවි පොත් කන්නද බං.. කඩල ගොටු ගහපං.. හැක්
ReplyDeleteකඩල කන ගමං කියවහල්ලා...
Deleteකවි පොත් කියවීම සරීර සහුක්යට අගුනය.... කන්න චීස් බර්ගර්...
ReplyDeleteතවත් තඩි වෙන්න ද?
Deleteනැතුව නැතුව
Deleteහුදෙකලාවේ අතරමන් වූ සිත්
ReplyDeleteවලට සතුටක් ගෙනෙයි කවි පොත්....
ජයවේවා!!!
ඉන්න ඕනමයි
Deleteඅත පෙවිය හැකි මානෙන්
ඒ කවි පොත් එතන
අතට ගන්නා තුරු
ආයෙමත් දවසක.
ජය!!!
බොහෝ කවි පොත් පළ වෙන්නේ රචකයාගේ චිත්තප්‍රීතිය ම උදෙසා ය.
ReplyDeleteනිවැරදියි....මොකද කවිපොත් මිලට අරගෙන කියවන විශාල රසික පිරිසක් නෑ...කවියත් එක්ක ඉන්න බොහොම සීමිත පිරිසක්...ඉතින් රචකයා ගේ ම ආත්මතෘප්තියත් ඒ සීමිත පිරිසත් වෙනුවෙන් තමා කවි පොත් පළවෙන්නෙ....
Delete