නගරයේ ලොකු පොත් කඩේ
ඉඳන් පොත් විකුණන ලඳේ
රැව් දිදී එන ඔය සිනාකැන්
පොත් කවර මත ඔප වැටේ...
නිමක් නැති ජීවිත පොතේ
පිටු එකින් එක පෙරලුන තැනේ
තිබෙන හිස් පිටු පුරවගන්නට
අකුරු නැතිවද හමුවුනේ...
හිතේ දහසක් වේදනා
හංගගෙන හිනා පෙන්නනා
ඔය දෑස් කියනා කතාවට
නවකතා වුව පරදිනා...
ලෑලි කාමර පෝලිමේ
නුඹ වැඩට එන පටු මාවතේ
පොතේ පිටුවල නැවුම් සුවඳක්
නැතේ එදෙසින් විහිදුනේ.....
අලුත් පොත් පටවාගෙනේ
කොළඹ සිට ලොරි ආ දිනේ
උදව්වට කවුරුවත් නැති තැන
නුඹේ කරට යි පැටවුනේ...
බරට පොත් මිටි කර තියන්
ඉහළ මාලෙට ගෙන යමින්
රිදෙන දෙපයක දුක අහන්නට
කවුරුවත් උන්නෙ නෑ ලඟින්.....
හැදී රුදු වෛරස් උණේ
ගෙදර ඉන්නට වුනු දිනේ
පඩි පතෙන් අඩුකර තිබෙනු දැක
හදවතේ කොටසක් නැවතුනේ...
ගලායන ජීවිත ගඟේ
ඇදෙන කඩදහි ඔරු වගේ
ගිලෙන ජීවිතෙ ගොඩනගන්නට
පොතේ පිටු වේවිද අගේ......
ReplyDeleteදහවලට බත් කනවෙලාවට
කියවනා දුක්බර කතාවක
මං වගේ එක චරිතයක් විය
තවම කියවමි ලඟයි එහි ඉම!
සුන්දර කවියක ලියැවුනු දුක්බර සත්යය!
බොහොම ස්තූතියි!!!
Deleteමේකට උත්තරයක් දෙන්න බැහැ... ඌය්යා වගේ උනා..
ReplyDeleteමේ කවිය බලනවද. මම දැකපු බොහොම ලස්සන මේ වගේ කවියක්
බස්සිගේ කවි වලින් කැමතිම එකක්..... පොතේ තිබ්බ ඒවයින් අර
Deleteතිස්ස නවතින්නෙ....එක්ස්ට්රීම්ලි සොරි..නවතින්න බැරි එකට මං කැමතියි. මූණුපොතේත් ඒක බෙදාගත්ත මං.තව කොමනේඩෝ පිහියක සුරතාන්තය...ලොඩියන්ගෙ කවිය...ඒව මරු......!!!!
එල............
ReplyDeleteස්තුතියි!!!
Deleteකඩදාසි පිටු අතර සිරව ගිය ජීවිතය
ReplyDeleteඉන් මුදා පියාසර
කරවන්න රිසියෙනි
මහතුනේ පොත් කඩේ
විසල් තුඟු රාක්කය
සමග පොර බදන්නේ
පොතක් ගෙන කියවීම
ඔබට ලොකු සතුටක්ය
රාක්කෙන් එක පොතක් අඩුවීම
මට මහා සතුටක්ය......
පොතේ පිටු අතර
Deleteඔබ නොදකිනා කතාවකි එය!
ස්තූතියි!!
ReplyDelete