Wednesday, September 20, 2017

ඔරු සෑදීම හෙවත් කවි ලිවීමේ කාර්‍යය කෙටියෙන්....


නොහැක මිතුරනි
මා දකින මා විඳින
මහත් සමුදුර ගැඹුර
ගෙනැවිත් තබන්නට
මේ කුඩා ඉඩ ට...

පරිස්සම් වදනකින් 
දෙකකින් 
තනාගත් 
මේ කුඩා කුඩා ඔරු 
එබැවින් 
තබමි
වෙරළ මත...




3 comments:

  1. සාගර කිමිදුමක
    අහ්ලාද බව
    නොදත්,
    මාළු ටැංකි හිමියනි !
    ඔක්සිජන් ටැංකි පිටබැඳ
    ඒ යන ගමනට
    ඉඩ දෙන්න.....

    ReplyDelete
    Replies
    1. නැත ඔවුන්
      වැරදි නැත
      මාළු ටැංකියක
      මේ කුඩා මාලුවෙක්
      මොනව දන්නවද ඔරු ගැන...

      Delete