Thursday, October 26, 2017

I am nobody, Are you nobody too..?


I am nobody
Are you nobody too..?

කිසිවෙකුත් නොවෙමි මම....

යලිත් කියමි 
ඔබට. 

ඔරලෝසු කටු පවා
ගල් ගැසුන
හිම මිදී ඇති බිමකි
මෙතැන....

වැරදීමකින්
පය තැබුව සුළඟ ද
ඒ සැණෙන්
යළි හැරෙන...

නම නොදන්නා 
තුරු මුදුන් වල
සෘතුවක් නැතුවම
ඔහේ මල් පිපෙන 
යලි හැලෙන...

මියුරු ඵලවැල
හටගත්තද අතු අග
සියොතුන් පියාඹා
නොඑන...

මී දුමෙන් වැසුණ
අර කන්ද මුදුනට නැග
කෑ ගසා කියමි..

"කිසිවෙකුත් නොවෙමි මම"





8 comments:

  1. Replies
    1. ආ... ඒවා හොඳ වැඩ... ඒ පැත්තට කලින් මේ පැත්තේ පෝස්ටුව දාන්න

      Delete
    2. මේ පැත්තට එන්න කදු හෙල් ගංගා දහසක් වැටකඩොලු පහු කරන්න එපායැ...ඉතින් ටිකක් පමා වෙනව

      Delete
    3. Same was posted in this link too
      http://hashanrandika.blogspot.com/2017/10/i-am-nobody-are-you-nobody-too.html

      Thats why I asked.. I remember this (Maybe more than you do! lol )

      Delete
    4. haha genius!! Im a total mess actually.....ill keep them both ..what to do....

      Delete