කවුරුන් හෝ කවදාක හෝ
ඇවිත් අමදින තුරුම
හැලුනු තැන් වල නතර වෙයි
වැටුණ තුරුපත්
උයන් පල්ලෙකු ගෙ සුරු දෑතට
අත් දඬු කැපීයන බව දැන දැනම
ඊතණ පඳුරු පැලවේ
මල් උයනෙත්
දුක් දරා බිහි කරගත්ත මුතු ඇට
දන් දෙන්න වෙන බව වෙනකෙනෙකුට
කවදාකවත් දැන උන්නද
මුතු බෙල්ලෙක්..
අනේ මේ කවි ඌය්යා !!! උත්තර නැතුව යනවා .... ඇයි මේ????????????
ReplyDeleteඋත්තර නැති එකම උත්තරයක් වෙන්න බැරිද?
Deleteඋත්තරයක් නැති එක උත්තරයක් වන්නේ උත්තර රහිත නම් පමණි.
Deleteඋත්තර නැති වෙන එක උත්තරයක් නෙමේ නම් උත්තර නැති වෙන්නෙ ඇයි කියන එක ප්රශ්ණයක් වෙන්න පුලුවන්ද?
Deleteඒ ප්රශ්නයට උත්තරේ ප්රශ්නයකි !!
Delete