පිපුණ මොහොතෙම
නටු අගින් සිඳ
පුදසුනක් මත
පිදුව හින්දම
නෙළුම් මල් වෙති
හඬා වැලපෙන
උපන් වැව ගැන
මතක සිහිකර.
ඇතැම් නෙළුමක්
වේ ය එඅතර
කඳුළු බිඳුවක්
වුවද නොහලන
තමන් උවනත
තුඩින් පිරිමැද
සිහිකලා මිස
පරවීම ගැන.
නටු අගින් සිඳ
පුදසුනක් මත
පිදුව හින්දම
නෙළුම් මල් වෙති
හඬා වැලපෙන
උපන් වැව ගැන
මතක සිහිකර.
ඇතැම් නෙළුමක්
වේ ය එඅතර
කඳුළු බිඳුවක්
වුවද නොහලන
තමන් උවනත
තුඩින් පිරිමැද
සිහිකලා මිස
පරවීම ගැන.
මේක සුපිරියි...
ReplyDeleteපිළිතුරු පවා දීගත නොහැකි තරමට!
ස්තූතියි ලිිඛිතා!
Delete