Saturday, October 21, 2017

කවියට වඩා මම අවස්ථාවන්ට ඇබ්බැහි වෙන්න ගත්ත..

උදාහරණයක් විදිහට වැඩ ඇරිල කෝච්චියෙ මහ සෙනඟ මැද්දෙ තදබද වෙලා එන මොහොතට මම ඇබ්බැහි වෙන්න ගත්ත. නින්දත් නොනින්දත් අතර ගෙවෙන විනාඩි කීපයට ඇබ්බැහි වෙන්න ගත්ත. කන්තෝරු කාමරේ ඇතුලෙ විවේකීව ගත වෙන සුලු මොහොතට ඇබ්බැහි වෙන්න ගත්ත.
ඒ අවස්ථාවන් විසින් මට කවි වලින් දමලා ගහන්න පටන්ගත්ත. ඊට පස්සෙ මම ඒව අහුලගෙන කඩදාසි වල සටහන් කරගන්න පුරුදු වුණා. ඒ සටහන් පරෙස්සමට කියවා වලද්දි ජීවිතේ කැඩිල බිඳිල ගිය අංශු මාත්‍රයන් ඒව ඇතුලෙන් පේන්න ගත්ත. කුඩු සාම්පල් වෙන්න කැඩිල කුඩු වෙලා ගිය වීදුරුවකින් මගෙ මූණ කැබලි කැබලි දකින්නා වගේ ඒ අස්සෙන් මාව පෙණුන. මම අන්වීක්ෂයකින් නොපෙනෙන ජීවය පරික්ෂාකරන විද්‍යාඥයෙකුගෙ ගාණට වැටුන. කාලයක් මගෙම ජීවිතේ කොටසක් වෙලා උන්න ( නැත්තම් එහෙමයි කියල මම හිතාගෙන උන්න) ක්ෂුද්‍ර ප්‍රාණීන් මිලියන ගාණක් ඒ අස්සෙ නලියමින් ඉන්නව මට පෙණුන. ඒ කැඩිච්ච කෑලි අමුණල මොසැක් චිත්‍රයක් වගේ සිතුවම් රටාවක් හදාගන්න පුලුවන් නේද කියල මට තේරුම්ගියේ පහුවෙලා. ඒ කෑලි අමුණපු සිතුවම් හුළඟට විසිකරන්න මම පුරුදු වුණේ ඊටත් පස්සෙයි.....




3 comments:

  1. විචාරයක් දාන්නද?
    ;-)

    ReplyDelete
    Replies
    1. ඒ වීදුරු කුඩු හුළඟට ගහගෙන ඇවිත් අපි වගේ උන්ගේ ඇස්වල වැටිලා මෙව්වා වෙන්න ගත්ත!

      ඇත්තනේ!! ඔක්කොටම මුල දුම්රිය, නැතිනම් අර කියපු කන්තෝරු කාමරේ!!

      Delete
    2. මම කියන්නෙ බිදෙන්න නියමිත වීදුරු බිදෙනවමයි...ඒකට අවශ්ය පොඩි ඉඩක්...සමහර විට ප්ලැට්ෆෝම් එකක ඉදන් කොච්චියක් එන්න ගතවෙන කාල පමාව වෙන්න පුලුවන්....(කොච්චිය පරක්කු වෙන්න පරක්කු වෙන්න බිදෙන ප්රමාණය වැඩියි) මැජික් එක පටන් ගන්න බිදෙන වීදුරු වලින් අපේම මූණු පුංචි පුංචි කෑලි වෙලා පේනකොට.....

      ප.ලි - හුළගෙ විසි කළාට පස්සෙ තවදුරටත් ඒවයින් මාවම පෙන්නෙ නෑ...ඒවයින් පේන්නෙ හුළග සහ අතර මග ඇස් වල ඇනගන්න උදවිය තමා..

      Delete