Friday, November 24, 2017

මට නොතේරෙන කවි කම්....


විදාහල දිග මුහුලස
හිතූ අත පාවෙන ලෙස
වදනකින් දියබිඳු ඉස
නිවාලන්නෙද සරතැස

ගිණියම් වචන උනනා
පන්හිඳෙන් කඳුලු හැලුණා
හිම සිහිලසින් මිදෙනා
හැඩ අකුරටත් රිදුණා

තත් එකින් එක බිඳගෙන
නැගන වීණා නද මෙන
දුක්බරම තනු මූමුණන
කවියකි හිතේ පැටලුණ

රිදුම් දෙන අත් මුදා ගෙන
කමලාසනෙන් බැස එන
එරිදුම් කව ට පබඳන
සරසවියටත් වෙහෙසය

බැරෑරුම් අකුරු සළුපිලි
නොපෑහෙන වචන පැටලිලි
නොතේරෙයි මට නුඹෙ කවි
නොතේරෙන එකත් කවියකි..





11 comments:

  1. නොතේරෙන මේ කවිවල
    පැටලි පැටලී බිහිවෙන
    රිදුම් සුවපත් නොමවන
    වලප කිම කු'කවියකුට පෙම්කල ?

    ReplyDelete
    Replies
    1. පෙමක හීතුඩු ඇනුණ
      දැවි දැවී යලි රිදෙන
      හදවතක රිදුම් පිරිමදින
      කවිය පමණිය ඔසුව....

      Delete
  2. ලස්සන වචන... ලස්සන පින්තූරෙ

    ReplyDelete
  3. නොතේරෙන එකත් කවියකි

    ReplyDelete