Sunday, November 5, 2017

නියමකරගත් අහඹුවක්....

මෙතෙක් අප ආ මාවතේ
ඉදිරි මීටර සියය තුළ
හමුවන වැළමිට වංගුවෙන්
හැරී වෙන්වීමට නියමිතය නුඹ.

ඉන්පසුව මට උරුම
නගරබද මාවතේ
ඇවිදයාමට සිදුවනු ඇත මට.

නොයෙක ගම් දනව්
වන උයන් කෙත් වතු
ගංගා ඇළ දොළ 
පසුකරනු ඇත මම.

ඉක්බිති
බොහෝ දුර ඇවිද
විඩාවෙන් විඩාපත් වූ මොහොතක
එක්තරා නම නොදන්නා වීදියක
නැතිනම් අවන්හලක දුම්රියපළක
මහා සෙනඟක් මධ්‍යයේ 
අහම්බෙන් හමුවීමට නියමිතය
යළි වරක්
අප දෙදෙන





8 comments:

  1. අහඹු ලෙස
    වෙන්වී
    නියම කරගත් පරිදි
    හමුවීම

    නම නොදන්නා වීදියේ
    නොදන්නා කමය !

    ReplyDelete
    Replies
    1. වෙන්වීම සහ
      යළිත් හමුවීම පමණක්
      නියතයක් බව දනිමි....

      Delete
  2. අහම්බෙන් හමුවීමට නියමිතය
    යළි වරක්
    අප දෙදෙන

    ReplyDelete
    Replies
    1. එවැනි අහම්බයන් නිතර සිදුවිය යුතුය!!

      Delete
  3. එවිට මට තරයේ
    වැළඳ ගන්නට
    හැකි වේද නුඹ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කාලයද අන් සියලු දේ
      නතර වේවි මොහොතකට!

      ස්තූතියි!!

      Delete