මෙහෙම පිස්සු හැදෙනවට
මම කැමතියි වෙරෝනිකා...
එතකොට ඔයාට පුළුවන්
හඳ පායපු මහ රැයක
එළිවෙනකන්ම
පියානෝව වාදනය කරන්න..
මටත් පුලුවන්
මගෙන් මඟ ඇරුණ පින්සල
ආයෙමත් අතට අරගෙන
ඔයාව සිත්තමට නඟන්න..
අපිට පුලුවන්
මොකවත් නොදන්න
පොඩි උන් දෙන්නෙක් වගේ
මහ හයියෙන් හිනාවෙවී
යුබ්යානාවෙ වීදි දිගේ
ඔහේ ඇවිදගෙන යන්න...
මේ හැම දේකින්ම
හැම දේකින්ම මිදිලා
අර කන්ද මුදුනට වෙලා
ඉරපායන දිහා බලන්
තව වයින් බෝතල් දෙකතුනක්
හිස්කරන්න..
හැම ඉර උදාවක් එක්කම
ජීවිතේ තවත් දවසක් ගැන
අලුතෙන් දකින්න හීනයක්
ඉතුරුකර ගන්න..
මම දන්නව වෙරෝනිකා
අපිට පුලුවන් එහෙම ඉන්න..
ඔයාට ආයෙමත්
හිතෙන එකක් නෑ මැරෙන්න....
මීට
එදුවා...
වෙරෝනිකා මැරෙන්න තීරණේකරයි නවකතාව අැසුරෙන්
එහෙනම් පොත කියෙව්වද? මටත් ඕනේ!!!!!!!
ReplyDeleteමැරෙන්න ඉතින් වෙරෝනිකාට විතරද අනේ හිතෙන්නේ...?
කියෙව්වෙ නැද්ද හපොයි කියවන්න ඒක!!!
Deleteපොත කියෙව්වට පස්සෙ මම හිතන්නෙ මැරෙන්න හිතෙන එකක් නඋ
මරන්න හිතෙන්නැද්ද?
Deleteමේ කවියටම තව නවකතාවක් ලියයි පවුලෝ කුය්යෝට කියවන්න ලැබුනනම් මේක.
ReplyDelete:) :)
Deleteලස්සනයි
ReplyDeleteබොහොම ස්තූතියි!!
DeleteOoooooooo
ReplyDelete:) :)
Delete