විදාහල දිග මුහුලස
හිතූ අත පාවෙන ලෙස
වදනකින් දියබිඳු ඉස
නිවාලන්නෙද සරතැස
ගිණියම් වචන උනනා
පන්හිඳෙන් කඳුලු හැලුණා
හිම සිහිලසින් මිදෙනා
හැඩ අකුරටත් රිදුණා
තත් එකින් එක බිඳගෙන
නැගන වීණා නද මෙන
දුක්බරම තනු මූමුණන
කවියකි හිතේ පැටලුණ
රිදුම් දෙන අත් මුදා ගෙන
කමලාසනෙන් බැස එන
එරිදුම් කව ට පබඳන
සරසවියටත් වෙහෙසය
බැරෑරුම් අකුරු සළුපිලි
නොපෑහෙන වචන පැටලිලි
නොතේරෙයි මට නුඹෙ කවි
නොතේරෙන එකත් කවියකි..
+++++++++
ReplyDeleteස්තූතියි!
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි!
Deleteලස්සනයි...
ReplyDeleteස්තූතියි!
Deleteනොතේරෙන මේ කවිවල
ReplyDeleteපැටලි පැටලී බිහිවෙන
රිදුම් සුවපත් නොමවන
වලප කිම කු'කවියකුට පෙම්කල ?
පෙමක හීතුඩු ඇනුණ
Deleteදැවි දැවී යලි රිදෙන
හදවතක රිදුම් පිරිමදින
කවිය පමණිය ඔසුව....
ලස්සන වචන... ලස්සන පින්තූරෙ
ReplyDeleteස්තූතියි! :)
Deleteනොතේරෙන එකත් කවියකි
ReplyDelete