Wednesday, November 1, 2017

කතරක වෙහෙස....

වෙරළකට නම් බොහෝ අය
ඇවිත් යන එක ඇත්තය
ඒත් ඒ මුහුද හින්දය... 

සිනිඳු පා පහසකට
කතරක් වුණත් කැමතිය
කවුරුත් කලේ කවදත්
එතන මඟඇරපු එකමය.... 

පරිස්සම් කරගත්
අර ක්ෂේම භූමියකට
කුරුල්ලෙක් වත් නොඑන එක දුකය.... 

රාත්‍රිය නම් මෙතන
සිහිලැල්ය
දවාලේ මිරිඟුවෙන්
නොකැලැල්ය.. 

මද්දහන ගිණියමෙන්
ගිණියම් ය... 

විස වුණත් කටුක කටු
හිතහැදෙන 
මලක් හරි පූදින්න
ලඟ උන්නෙ අර
පතොක් සොහොයුරන් විතරය... 

මිනිස් පුළුටක් නොඑන
ක්ෂේම භූමියක
දිය කඩිති 
පොඩි පඳුරු කීපයක්
ඇහැක් වාගේ බලාගෙන
ගිනිගහන දවාලේ
ගිනි අව්ව 
තනියම විඳදරාගෙන
කතරක් වෙන එක
ඇත්තටම වෙහෙසය....





6 comments:

  1. හම්මේ හරිම සියුම් කතාවක්, මරුවට ලියලා...

    ඌය්යා උනිමි ! :-(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....ඌය්යා වෙන එක නම් අනේ මන්දා ය :-(

      Delete
    2. මේ දවස්වල සෙන්ටි + මෙන්ටල් ය! ඒ හින්දා කොලයක් බිමට වැටුනත් ඌය්යාය

      Delete
    3. ඒක මාර මෙන්ටල් එකකි.!! දැන් තියෙන්නෙ වැටිච්ච කොළ අහුලාගන්නද එතකොට...?

      Delete
    4. ඒවා එහෙමය... මගේ හැටිය.. එව්වට බෙහෙත් තාම හොයාගෙන නැතිය.. ගණන් ගන්ට කාරියක්ද නැතිය!!

      වැටිච්ච කොළ දිහා බලා ලියමි. ඒ ලියුමද තවත් ඌය්යා කරවයි... ඒ හන්දා මේවා දැක හොටු හුරමි..

      Delete
    5. ඌය්යා වීම ගැන කණගාටුව පළකරමි...හොටු සීරීමට ලේන්සුවක් මේ සමග එවමි....

      Delete