Monday, November 27, 2017

හෝම්ස්මය දෑසක්


මුදු මොලොක් උරහිස මත
නාඳුනන කෙටි කෙස්ගසක්.....
රෝසපැහැ ගවොමේ කුඩා මල් පෙත්තක 
ඉහිරුණු කෝපි බින්දුවක්...
ලා රක්ත දෙතොලේ යන්තමින් තැවරුණ
මිලින වී ගිය සිනහවක්...
තරු එළිය සැගවුණු මීන දෑසක
නුහුරු බැල්මක්.....

හදුනගමි සළකුණු
නො අසමි ඔබෙන්...
කවුරුන්ද ඔබ මට?
යාළුවෙක්....
යාළුවෙක්?

හඳුනමි එහෙත් නොකියමි
නොදැක්කා සේ ඉඳිමි
ඒතරම් කුඩා දේ පෙනෙනා
හෝම්ස්මය දෑස් යුගලක
උරුමකරුවෙකු වීම පිළිබඳ 
මටම දොස් පවරගමි..


Image - Sherlock 


4 comments:

  1. මටම දොස් පවරගමි
    ඒ තරම් පරාර්තය

    ReplyDelete
    Replies
    1. පරාර්ථයද නොදනිමි
      පලක්නැති බැවිනි.......

      Delete