ඉන් පසුව
පුරුදු ලෙසටම
බොහෝ සෘතු ගතවනු ඇත..
නුග ගස්ද කොළ හලා
යලිත් දලු දමනු ඇත.
අතු ඉති වසා දම් පාට
රොබරෝසි ආයෙමත්
පිපෙනු ඇත...
පුරුදු ලෙසටම
රල නඟන මේ සයුර
වෙරළ මත රහස් මුමුණනු ඇත
කොයියම්ම හෝ දවසක
ඔබ මෙතන වුන් බව කියවෙන
අඩි සළකුණක් දෙකක් ගැන ගැන
මම මෙතැන...
මෙතැනමම හිඳිනු ඇත....
ලේසි ලෙස පෙනුනට
ReplyDeleteලේසි නැත..
ලේසි බව කොතනකවත් කියා නැත....
Deleteලේසියට පහසුවට අඩිසළකුණක් ඉතිරිවන්නෙත් නැත...
සෘතු ගතවීම
Deleteනව දළු දැමීම
රොබරෝසියා පිපීම
වෙරළේ රැලි සැලීම
ලේසිය කියා
'මට' හිතුනට
ලේසි නැත
සෘතුවක් යනු පසුකර යෑමකි
Deleteරොබරෝසි පිපීමකි පරවීමකි
වෙරළේ රළ සැලීම පුරුද්දකි..
ඒ සියලු දෑ අතර
ඉතිරි වූ අඩි සළකුණක් ලග
බොහෝ වේලා නතරව සිටීම
වටහාගත නොහැකි යම් දෙයකි.....
එවන් අඩි සලකුණු
Deleteවැස්සක අවසන
ඉතුරුවුන - පරවුණු
පුරුදු ; පසුකර යාමකි !
ගිම්හාන කාලය
එවන් දේ නොගෙනෙන - බැවිනි
ගිම්හානය කටුක එතරම්
Deleteඑවැනි දෑ සිදුනොවන බැවිනි....
කටුක ගිම්හානය
Deleteකුමට තබා යනු සලකුණු?
වස්සානයම
තබන්නේ නම්
එවන් ඊයම් බරු!
එවන් කුඩා සටහනකට
Deleteමල් පිබිදවීමට නොහැකිද
ගිම්හානයේ වුවද?
+++++++++++++++
ReplyDeleteස්තූතියි!!
Delete