Wednesday, December 13, 2017

සීමාව


වැවට විතරක් නෙවෙයි
පුංචි පොකුණටත් තියනවා
තමන්ගෙම කියල සීමාවක්... 

අනෝරා වැහි වැටෙනකොට
උහුලාගන්න බැරිව උතුරන 
දිය පිට දාන පිටවානක්... 

ඕලු නෙළුම් සියක් දාහක්
එක යායට පුබුදුවා ගන්න
හිතේ හැංගුණ ආසාවක්...

පන් කුකුළන් තඹ සේරුන්
පතුල පිරිමදින දියකාවන්
හිතූ හැටියට පිහිනන
දිය පිරුණු සිහිනයක සේයාවක්... 

එක බිසෝකොටුවක් නැතුව හරි
යන්තමින් කැළඹෙන වතුරක
මතක හංගාගත්ත දිය පතුලක්

වැවට විතරක් නෙවෙයි
පුංචි පොකුණටත් තියනවා
තමන්ගෙම කියල සීමාවක්...




2 comments:

  1. මගේ හිතේ හරිම ලස්සන සුන්දර පරිසරයක් මැවුනා දියකාවෝ ,පන් කුකුලෝ ,සේරු ,පීනන ඔලු නෙලුම් පිරිච්ච ලස්සනම විලක්.ඇත්තටම ඒ වගේ පරිසරයකදී හිත නිමෙනවා . .

    ReplyDelete
    Replies
    1. පුංචි ඉඩක වුණත් මලක් දෙකක් පිපුණ පුංචි මාලු ටිකක් රැකබලාගෙන බලන ඇස් වලටත් ගතටත් සිහිලසක් වෙන විල් පොකුණු අපි අවටම තියනවා ඇත්තට....

      Delete