Wednesday, December 27, 2017

ඔහු සහ ඇය.....


පුරුදු ලෙස මුණගැසෙනු පිණිස
යොදාගත් නියමිත මොහොතට
හෝරාවක් දෙකක් පමාවී එමි...

උපන්දිනයට සැමරුමකට
සුබ පැතුම් නොයවමි
හිතාමතා මඟහරිමි....

ඇමතුම් කෙටි පණිවිඩ
නොදැක්කා සේ ඉඳිමි
පසුව පිළිතුරු යවමි.....

එහෙත් මුහුණේ සුපුරුදු 
කරුණාබර සිනහව
නොමැකෙයි ඔහුගෙ කිසිවිට. .

උරණ වන්නට බැරි ඇයි ඔහුට
රළු පරළු වදනින් බැණ වැද
කෝපගන්නට නොහැකිද ඔහු හට?

ඉඳහිට දවසක
හමුවන්න නොහැකියැයි
බොරු හේතු කියමි
ඔහුගේ කුඩා වරදටත්
මා දැඩිව කිපෙමි...

එහෙත් ඇයි ...
නැද්ද ඔහුට මිතුරියක්
පෙමින් බැඳෙන්නට හැකි...
සොයාගත නොහැකිද ඔහුට
අන් ළඳක්?
දුබලද ඔහු එතරම්?




8 comments:

  1. රිදවූවද මගෙ හිත ගැන
    බිදුවක් වත් නොසිතා
    නුඹෙන් නොමිදෙයි
    මගේ හිත නම්
    අරැම කිම නොදනිම්

    ReplyDelete
    Replies
    1. අරුම කිමැයි
      ප්‍රේමය මැයි....

      Delete
  2. ම්ම්ම් ඒක.... නොපෑහීම කියන එක ගැලපෙන්නෙත් නෑ වගේ

    ReplyDelete
    Replies
    1. මටත් ඒක හිතුණ...මම වෙනස් කරන්නම් ස්තූතියි...

      Delete
  3. ඉවසිලිවන්ත ප්‍රේමවන්තයෙක්. ඒකත් මේ ආදරීට හොද නැති වෙලානේ. මටනම් දුකයි ඒකට.

    ReplyDelete
    Replies
    1. පුද්ගලයන්ගෙ බලාපොරොත්තු අපේක්ෂාවන් සිහින එකිනෙකට වෙනස්...මේ හැම දෙයකටම පෑහෙන්න කිසිම කෙනෙකුට බෑ.....

      Delete
  4. ඔයා කියලා තියන දේ , අදහස් කරන දේ මට තේරෙන්නේ නෑ රන්දික. කවිය ගැන මට තේරුන දේ තමයි මම ලිව්වේ. සුබ නව වසරක් වේවා!!! රන්දික.

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ හොද කියන එක පුද්ගලයට සාපේක්ෂයි නේ....මම හොදයි කියල හිතන මොකක් හරි ගුණාංගයක් වෙන කෙනෙකුට හොද නැති වෙන්න පුළුවන් .... අනිත් පැත්තෙන් මම කොයි තරම් හොද වෙන්න උත්සහ කෙරුවත් වෙනත් කාරණයක් නිසා අනෙක් පාර්ශ්වයට එක නොපෙනෙනව වෙන්න ඇති..නමුත් මෙතන ඔහු සූදානම් නෑ ඇයව හැරයන්න.ඒක එක්තරා ඛේදවාචකයක්...එක තමයි මම ලියන්න උත්සහ කළේ.....

      සුබ නව වසරක් වේවා ඔබටත්!

      Delete