Thursday, December 21, 2017

නගරයට රෑ වී....


අහස් ගෙයි අවරග දොරටු හැර
බිම වැටෙයි කළුවර නගරේ වීදි වල
නිවෙමින් දැල්වෙන නියොන් එළියක් ලඟ
සොයයි රෑ සලබයෙක් නිවැරදි මඟ තොට

අඩ අඳුර පිරුණු අවන්හලක ඇතුලත
දුක් දැවී නැගෙන දුම් මතුව එයි තැන තැන
බඳුන් පුරවා පිරෙන බීර අහුරක පෙන බුබුළක
කඳුළු බිඳු  දිලිසෙයි රත්තරන් පාටට

දාවලේ තරඟයට හමාගිය සුළඟද
හති අරියි පාරබඩ මී ගහක හෙවණ යට
තවත් දුර යාමට ඇති බැවින් අරුණට පෙර
දුරගමන් බසයක් හඬයි රැහැයියෙක් වෙනුවට 

කළුවන් සෙවණැලි සේ මා වවුල් පිරිවර
වැළඳගෙන විදුලි රැහැන් මත හාදු විසුරුවන
උදෑසන ලිහෙන ඝන මීදුම් සළුපිලි අතර
හමුවන්නෙ අන්න ඒ වවුලෙකුගෙ මළකඳ




4 comments:

  1. එක රැයක් තුළ නගරයේ ඇති බියකරු කමයි මට දැනෙන්නේ මේ කවිය කියවනකොට. එහෙම නේද???

    ReplyDelete
    Replies
    1. සිදුවීම් කීපයක නිරීක්ෂන තමා මේ තියෙන්නෙ..මම හිතන්නෙ අපේ ජීවිතවල එක්තරා කොටසක් මේ...

      Delete