මේ ගෙවෙන්නේ
බොහෝ හුරුපුරුදු මං පෙත්
නුහුරු ලෙස පෙනෙන සමයයි
හිතුමතේ අහසට වන්
හිතුවක්කාර වළාකුළු
නොකල් වැසි වස්වන සමයයි
අහස වසිනායුරු දැක
හදවතේ අකුණු පුපුරන
ඒ අකුණු සමයයි
නාඳුනන ඇස් දහසක් මැද
හඳුනන නාඳුනන ඇස් මඟහැරෙන
නාඳුනන සමයයි...
නොවරදින දුම්රිය
බස්රථ
හිතාමතම වරදින සමයයි..
මේ ගෙවෙන්නේ
හිස් කඩදාසි පිටු පුරා
වකාරෙට කවි ලියවෙනා
ඒ අරුම සමයයි...
එහෙම ලියවෙනා කවිවල
ReplyDeleteඑළිසමය පවා
වදදෙන සමයයි
..ඒ වදය නම් ඉතින් සුන්දර වදයක්
Deleteලස්සනම ලස්සනයි!
ReplyDeleteබොහොම ස්තූතියි!
Delete