Friday, March 16, 2018

තණකොළපෙත්තාණනි මා මිතුර..



උදා හිරුරැස් සමග අළුයම්ව ඇහැර
සීත පිනි කැට විසුල තණ පියලි අතර
සිනිඳු පා පොඩි තබා ඇවිදිමන් නිතර
තණකොළ පෙත්තාණනි මා ගී ගයන මිතුර

වස්සාන වළාකුළු ගොඩ ගැසෙයි අහස් කොණ
තවත් අහරක් සොයා දුවයි කළු කුහුඹු රැළ 
ගිටාරේ තනු මැවෙයි මුදු සරින් සුසර කළ
අලුත් ගී පද ගොතා ගයයි නුඹ මියුරු ලෙස

නැති බැවින් ගොඩගසා අහර පොදි අහුරු
සිත තුටින් මේ ලෙසට ගයනවද මිතුරු
එහෙත් යම් දසුනකින් සසල වේ හද මැදුරු
කියාපන් මගෙ මිතුර ඇයි මේ ගිටාරේ කඳුළු ?





6 comments: