Visaranai බලල ඉවර වෙලා බොහොම සැහැල්ලු මානසිකත්වයකින් පුටුවෙන් නැගිටල යන්න පුලුවන් වුණේ නෑ මට නම්. සමාජ ක්‍රමයෙ තියන ජරාජීර්ණ කම මේ තරම් ඇඟට දැනෙන්න පෙන්නා දෙන වෙන චිත්‍රපටයක් මතකයට එන්නෙ නෑ. පොලීසියෙන් මිනිස්සුන්ට පහරදෙන හැටි නම් බලා ඉන්න බැරි වුණා. ඒ දර්ශන නිර්මාණය කරල තිබුණෙ ඒ තරම් යථාර්ථවාදීව.
Green Mile චිත්‍රපටය මගෙ මතකයට ආව. නමුත් එතනදි වෙන්නෙ වරදක් නොකල අහිංසකයෙක් නීතිය ඉදිරියෙ වරදකරුවෙක් කරල විදුලි පුටුවේ අවසන් ගමන් යාම. මියයන මනුස්සයා ගැන අනේ අපොයි කියන සහකම්පනයක් නරඹන්නා තුල ඇතිවෙනව. මෙතනදි එයින් එහාට ගිහින් මුලු සමාජ දේශපාලන ක්‍රමයෙම දූෂිත බව පෙන්වා දෙනව. ධනය බලය ඉස්සරය අංශක එකසිය අසූවට නැමෙන නීතිය සාමාන්‍ය මනුස්සයා යට කරගෙන පාගාගෙන නැගී හිටින හැටි පෙන්වා දෙනව. මේක තමා අද අපි ජීවත්වෙන සමාජයෙ යථාර්ථය. අතන අහවල් විදිහෙ හොරකමක් වුණා, x නම් පුද්ගලයා ඊයෙ රාත්‍රියේ යම් පිරිසක් මරාදමල තිබුණා. අහවල් සිද්ධියට සැකපිට මේ මේ පුද්ගලයින් අත් අඩංගුවට ගත්ත... ඕව තමයි මාධ්‍යයෙන් එළියට එන ප්‍රවෘත්ති. නමුත් මේ දේවල් යට හැංගුණු දේශපාලන ගේම් එක කවදාවත් පිටස්තර සමාජෙට නිරාවරණය වෙන්නෙ නෑ. Visaranai මේ සළුපිළි ගලවල ඇත්ත පෙන්වාදෙනව. ආයුධ පෙන්නන්න අරගෙන ගිහින් මිනිස්සු වෙඩි කාල මිය යෑම.. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කවුරු හරි සාධාරණීකරනය කරනව නම් ඒ අයට මේ චිත්‍රපටය හොඳ පිළිතුරක් දීල තියනව අපි වගේ නීතිය වල් වැදුනු ස්වභාවයක් ගන්න රටක එහෙම නොවිය යුත්තේ ඇයි කියල
දකුණු ඉන්දියානු සිනමාවෙ මෑතක ඉඳන් වැඩ පෙන්වන්නෙක් වුණ වේට්‍රිමාරන් තමා මේ චිත්‍රපටය නිර්මාණය කරන්නෙ. ඔහුගෙ මෑතක තිරගත වුණු වඩ චෙන්නායි, අසුරන්.. ඉතාම ජනප්‍රිය වුණා. මේක ඇත්තටම චිත්‍රපට නරඹන්න අය කිසිසේත් මඟහැර නොගතයුතුම සිනමාපටයක් බව කියන්න ඕන.
I think I watched this. Wonderful film, yet painful to watch
ReplyDeleteIts too much of pain.. and realistic as nothing... on of best in Tamil cinema.!!
Delete