Saturday, January 30, 2021
අපේ කෙටි පිළිසඳර කෙළවර
Thursday, January 28, 2021
අඹ ගසක නිදහස
Monday, January 25, 2021
Promising young woman (2020)
කැසී සහ මැඩිසන් වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙන ගත් මිතුරියන්. මැඩිසන් සාර්ථකව අධ්‍යාපනය නිමා කරල වෛද්‍ය වෘතියේ ඉදිරියටම ගමන් කරමින් ඉන්නව. නමුත් කැසී තමන්ගෙ අද්‍යාපනය අතර මග නතර කරල, විද්‍යාලය හැර දමල ඇවිත් කෝපි අවන්හලක බොහොම කුඩා රැකියාවක් කරමින් ජීවතය ගෙවාදමනව. කැසී සහ මැඩිසන් මේ මුණ ගැහෙන්නේ වසර හතකට පස්සෙ. ඉතින් ඒතරම් කාලෙකින් සිදුවන මිතුරු හමුවීමක් කොයිතරම් උත්කර්ෂවත් එකක් වෙන්න ඕන ද? මැඩිසන් සහ කැසී කලකට පසුව එකිනෙකා දැක ගැනීමේ ප්‍රීතියෙන් විස්කි බඳුන් කීපයක්ම හිස් කරනව. ආ ගිය තොරතුරු හුවමාරු වෙන සුහද කතාබහ අතරේ මුහුවෙන මධුමත එක්ක මිතුරු කතාබහ ක්‍රමයෙන් අඳුරු ඉසව්වකට ඇදී යන බව පෙනෙන්නට පටන් ගන්නව. වැළලී ගිය අතීතයක යම් යම් වේදනාත්මක මතකයන් කතා බහ තුළින් මතු වෙනව. නමුත් මැඩිසන් සීමාව ඉක්මවා යමින් මධුවිතෙහි ගිලී යන බවයි දකින්නට ලැබෙන්නෙ. කැසී ඉතාම ඉවසිලිවන්තව ඇගෙන් අතීත තොරතුරු විමසනව. එක් තැනකදි මැඩිසන් අතින් මධුවිත බඳුන ගිලිහී වැටිල ඇය සිහි නැති තත්ත්වයට පත්වෙනව. කැසී අවට යම් තරුණයෙකුට ඇයව පෙන්වල එතැනින් පිටවී එනව. ඇත්තට එතැන සිදුවුණේ මොකක්ද?
Friday, January 22, 2021
එකම හිස් අසුන
Noroi (2005)
ජපන් ජාතික මසෆුමි කොබයාෂි, ජපානය පුරා සිදුවෙන, කිසි කෙනෙකුට පැහැදිලි කල නොහැකි අත්භූත සිදුවීම් සොයා යමින් ගවේෂණය කරන්නෙක්. ස්වාභාවිකත්වය ඉක්මවා යන සිදුවීම් ගැන තොරතුරු රැස් කරමින් පොත පත, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කරන්නෙක්. දවසක් ජුන්කෝ නම් එක් ගැහැනියක් අසල්වැසි නිවසෙන් මතුවෙන අබිරහස් හඬක් ගැන කොබයාෂි ට දැනුම් දෙනව. හිටිගමන් ළදරුවෙක් හඬන ආකාරයෙ හඬක් ඒ නිවසෙන් ඇසෙන බවත්, එහි වාසය කරන්නන්ගෙ ස්වභාවය අමුතු බවත් ඇය කියනව. ඇගෙ ප්‍රකාශය අනුව මේ හඬ පටිගත කරගන්න කොබයාෂි ඒ අසල්වාසින්ගෙන් ප්‍රශ්න කරමින් මේ සිදුවීම ගැන වැඩිදුර සොයා බලනව. ටික කලකින්ම එක රැයකදි කොබයාෂි ගේ නිවසේ හදිස්සියේ ගින්නක් ඇති වෙනව. ගින්න නිවා දමන්න බොහෝ අය උත්සාහ දැරුවත් එය සාර්ථක වෙන්නෙ නෑ. අවසානෙ නිවසේ සුන් බුන් අතරේ ගින්නෙන් දැවීගිය කොබයාෂි ගෙ බිරිඳ ගේ මළසිරුර හමුවෙනවා. නමුත් කොබයාෂිට සිදුවුණ දෙයක් නැහැ. ඔහු ගැන කොසිම හෝඩුවාවක් නැහැ. ඔහු ගේ කැමරාකරු ලඟ ඇති, ඔහු අවසාන වතාවට සොයාබලමින් සිටි පරීක්ෂණයේ පටිගත කල වීඩියෝ දර්ශන තමයි Noroi නම් චිත්‍රපටයක් විදිහට පෙළගැහෙන්නෙ.
Wednesday, January 20, 2021
Monday, January 18, 2021
මම කුඩා නගරයක්..
Tuesday, January 12, 2021
Natural Woman
විනාඩි 3 ක සින්දුවක් කියන්නෙ ජීවිතය ගැන සමාජය ගැන නැත්නම් වෙනත් යමක් ගැන ගැඹුරින් යමක් ප්‍රකාශ කරන්න ඉඩක් නැති සරල සුන්දර කලා මාධ්‍යක් බව කෙනෙකුට හිතෙන්න පුලුවන්. මේ සරල සුන්දර ගීත කලාවේ සීමාවන් ඉක්මවා ගිය අවස්ථාවන් ඉතිහාසයෙ පුරා බැලුවොත් අපිට හොයාගත හැකියි. නමුත් ගීතයේ මේ සංක්ෂිප්ත බව රැකෙමින් නමුත් ජීවිතය ගැන වඩා ගැඹුරින් යමක් ප්‍රකාශ වෙන පදමාලාවන් ඉඳහිට හෝ අහන්න දකින්න ලැබෙනව. මේ කෙටි හැඳින්වීම ලියවෙන්නෙ Aretha Fraklin ගයන Natural woman ගීය වෙනුවෙන්. මේ ගීය soul සංගීත ආරට අනුව නිර්මාණය වුණු ගීයක්. Aretha ඇමරිකාවේ 50 - 60 දශකවල බිහිවුණු soul සංගීතයේ අග්‍රස්ථානය හිමි කරගන්නා ගායිකාව කිව්වොත් නිවැරැදියි. Queen of Souls නම් විරුදාවලියෙන් ඇයව හැඳින්වෙන්නේ ඒ නිසා.
Monday, January 11, 2021
ගස් විඳ දරා ගත යුතු
Friday, January 8, 2021
Nomadland (2020)
කාලයක් තමන්ගේ ජීවිතයට ඉතා සමීපව සිටි කෙනෙකුගේ නික්මයාම සහ එයින් ඇතිවෙන හුදෙකලාව තරම් මිනිස් හදවත වේදනාවෙන් පෙළන හැඟීමක් තවත් නැතුව ඇති. සමහර විට ඒ අය අපි ලඟින් සිටීමම කොයිතරම් වටිනවද කියන දෙය කවදාවත් අපිට එවැනි කෙනෙකුට කියන්න අවස්ථාවක් නොලැබෙන්න ඇති. කෙනෙකුගේ වටිනාකම අපිට දැනෙන්නෙ තවදුරටත් ඒ අය අපේ ජීවිත තුළ නොපවතින මොහොතක වෙන්න ඇති. "ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකකි" ධර්මයේ පවා ඉතා පැහැදිලිව මේ කරුණ සඳහන් කරල තියන එය ඒ තරම් ජීවිතයට සමීප අත්දැකීමක් නිසා. 2020 අවුරුද්දේ තිරගත වුණු Nomadland චිත්‍රපටය නැරඹුව කෙනෙකුට, චිත්‍රපටය පුරා දකින්න ලැබෙන්නෙ අහිමිවීමේ වේදනාවෙන් ජීවිතය පුරා ඇවිදින හුදෙකලා ගැහැනියකගේ කතාවක් බව කියන්න පුලුවන්. එහි වරදකුත් නෑ. නමුත් මෙතනට පසුබිම් වෙන සමාජ දේශපාලනික කාරණා කිහිපයක් තිබෙනව.
Thursday, January 7, 2021
ප්‍රතිමා දෙවිවරු
Tuesday, January 5, 2021
අන්තරාවර්තීන් සමරමු! - World Introverts day!
ජනවාරි 2 දා ලෝක Introverts දිනය සමරනු ලැබුවා. ටික දවසක් පහුවෙලා වුණත් මේ ගැන කෙටියෙන් හරි යමක් බෙදාගන්න හිතුණ.