ඔබ ගියදා පටන්
ගෙ උයනේ තැනින් තැන
කොළ වියැළි මැලවෙන
බඳුන් ගත පොඩි පැල වලට
දිය ඉසිමි වරින් වර...
දැන් ඒවා
වියළි කොළ හංගා
පෙන්වයි මට
යන්තමින් මතුවන
සිහින් ලා දළු..
හැන්දෑවට
සාංකාවෙන් හිත පිරෙන යාමෙට
ඇවිදින් මිදුලට
බලා ඉන්නෙමි
අතුපතර විහිදුන
විසල් අඹ ගස දෙස..
කොයිතරම් ප්‍රීතිමත් ද
ඇන්තූරියම් පැළයක ජීවිතය
දිය බින්දු කීපයකින් සැනහෙන
විසිතුරු මලක් දෙකක් පෙන්වා
මියැදෙන...
කාලේ අකාලේ
ආකාසයෙන් වට
වැහි දියෙන් සෑහිය යුතු..
හිස් අහස දක්වා
අතුපතර විහිදා
බොහො උස්ව වැඩිය යුතු..
කලට මල් පිබිදිය යුතු..
කොයිතරම් බරද
නිදහස
අඹගසක් සතු..
No comments:
Post a Comment