Tuesday, November 16, 2021

Van Gogh cut off his ear

දවසක්දා වෑන්ගෝ
කපාගෙන තමන්ගෙම කන
දුන්නා එක ගණිකාවකට..
දැකපු ගමන් ඈ
මේ අරුම පුදුම තෑග්ග
වීසි කර දැමුවා
බොහෝම පිළිකුළෙන් ඈතට..
වෑන්ගෝ මිත්‍රයා,
ගණිකාවන්ට ඕන නෑ 
කන්පෙති
ඒ අයට ඕනෑ 
මුදල්..
තේරුණේ නෑ උඹට
කවදාවත්ම
මේ දේවල් හරියට...
අන්න ඒකයි මිත්‍රයා
අතිශ්‍රේෂ්ඨ කලාකාරයෙක් 
වෙන්නෙ උඹ...
.
.
.

Charles Bukowski ගේ පැදියක් ඇසුරෙනි



1 comment:

  1. ඔබගේ පෝස්ටුවට අපගේ සින්ඩියේ “කැටපත් පවුර” යටතේ ඉඩක් වෙන් කොට ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩියට ඉහල ප්‍රථිචාරයක් හා ප්‍රචාරයක් ලබා දීමට මැළි නොවන්න!

    ReplyDelete