Tuesday, November 23, 2021

The Red Dress

මම හැම වෙලාවකම හිතුවා
මම හැම වෙලාවකම කිව්වා
වයසින් වැඩිලා මම
නිදහස් කෙනෙකු වුණ දවසට
මං ළඟ තියේවි ගවුමක් 
රතුම රතු පාට..
කවරදාකවත් කිසිකෙනෙක්
නොදුටුව තරම් ලස්සන..

වසන්තයෙ දවස් ආවම
බොහෝම හිමින් සැනසිල්ලේ අපි
ඇවිදින්න යන ගමන්වලදී
ඇඳන් ආවකි ඒ ගවුම මට...
හිඳීවි කෙනෙක් අතරමඟ
මුළු ලෝකයක් අමතක කර
මා දිහා පමණක්ම බලන...

එඩිතර කෙනෙක් විය යුතුයි ඔහු
ඇස් ඇතුළෙ තාරකා දිළිසෙන,
හිරුරැස් වැටිලා හිස මත්තේ 
ඝන හිසකෙස් බබළන,
උණුහුම් තොල් පෙති අගින්
කිසිදාක බොරු වචන නොකියන....

මම සිහින මැව්වා අපි ගැන
ගමේම ඉන්න ලස්සනම හොඳම
ගෞරවාන්විතම යුවළ විදිහට..
වයසින් වැඩුණු ගැහැනියක් දැන් මම
ඔව් මං ළඟ තියනවා ඒ මෝඩ ගවුම...
.
.
.

Dorothy Parker ගේ පැදියක් ඇසුරින්



No comments:

Post a Comment