Friday, November 5, 2021

When you see water in a stream

දුටු විටෙක ඔබ
කුඩා දොළ පහරක
ගලා යන දිය දහරට
ඔබ කියයි ඒ දොළෙහි දිය බව...

දුටු විටෙක ඔබ
රළ නඟන ගංගාවද
ඔබ කියයි එහි ඇත්තේ 
ගං දිය බව..

එලෙසින්ම සයුරක
විසල් දිය තලයට
ඔබ කියයි සයුරු දිය බව....

එනමුදු 
ඔබ කොයි නමින් කීවද
ජලය නම් අන් කවරක්ද
ජලයම මිසක..

එය රැඳී තිබෙනා 
කොයිදෙයක හැඩය ගත්තද
සැදී තිබුණත් එයින්
මේ සෑම සියලු තැන
හිමිකම් නොමැත ජලයට
මේ එකදු තැනකට..

ඔබ ද එලෙසම ය..
.
.
.

Alice Walker ගේ පැදියක් ඇසුරෙන්



1 comment: