Wednesday, November 24, 2021

I want to be a witch.

මට ඕන මායාකාරියක් වෙන්න
දිගම දිග කැත නහයක් තියන...
පුංචි උන් බයකරමින්
"එයා මහ නපුරියක්" කියමින්
නෙක කතන්දර ගොතනා
ලෝකයෙන් නොපෙනී යන්න...

කළු කබායක් දවටන්
ඉන්ද්‍රජාලික කොස්සේ නැගිලා
වළාකුල් වලට එපිටින් පියාඹා
හයියෙන් හිනාවෙන්න...
මහ නපුරු හැඩැති 
මගෙ පුංචි ගෙපැලේ ඉඳගෙන
නෙලාගෙන ඇවිත් වනයෙ ඵලවැල
රසකර කන්න...

අඳුරු වනපෙතේ ගැඹුරේ
කණමැදිරි මාළිගාවේ තනිවෙන්න..
දුර අහසෙ දිළිසෙන තරුවලට
මගෙ කඳුළු නොපෙන්නා ඉන්න...

කඳු මත්තෙ නැවතිලා
මුදුනතේ සනීපෙට නිදියන්න..
අරුමැසි කැලෑවෙන් එපිට
රෑ තිස්සෙ ඇවිදලා හොඳට
රොබින් කුරුලු පිහාටු ඇහිඳලා
වසන්ත කබායක් මහගන්න..
මගේ හැම රහසක්ම
ඒ ඇතුළෙ හංගන්න..

මට ඕන මායාකාරියක් වෙන්න
පොත්වල ඉන්නවා වගේ
බොහෝම නපුරුවට..හරි අමුතුවට...
ඉතිහාසයක අලුතෙන් ලියවෙන්න..

ඉන්ද්‍රජාලික පළිඟු බෝලයෙන්
ඔබේ රුව දැකගන්න..
මේ ලෝකෙ කොහේ හරි තැනක 
ඔබ හොඳින් බව දැනගන්න..
ඉන්පස්සෙ විලෝ ගහක් වගෙ වැලපෙන්න..
ගඟක් වගේ හැමදේම අමතක කර
ආයෙමත් ගලාගෙන යන්න..

මට ඕන අන්න එහෙම
මායාකාරියක් වෙන්න..
.
.

Translated from a poem written by Rochelle Fernando



No comments:

Post a Comment