Monday, March 7, 2022

ඔබෙ රුසියානු හදවත

මේ තරම් පැතිරුණු ලෝක සිතියමක
උක්‍රේනයක් සේ කුඩාවට මම..
ඇතුළත වෙරළ පිස එන
කළු මුහුද දිය රළ සිඹින...
අනන්‍ය සංස්කෘතික ලක්ෂණ දරමින්
ස්වයං නිර්ණය අයිතිය සහිතව..
හිතමිතුරු බටහිරට හිතැතිව...

නැගෙනහිර දිසාවේ සිට
ඔබෙ සුවිසාල රුසියානු හදවත...
හිම කඳු ගංගා නිම්න පසු කර
සුළි කුණාටු රැගෙන එන....
නිරන්තරයෙන් දේශ සීමා තුළ
ගිනි අවුලන...



No comments:

Post a Comment