උදේ පාන්දරම,
සීතල වතුරෙන් නාගෙන මම
නිකමට වගෙ බැලුවා කැඩපත දිහා
අපොයි!
කොයිතරම් ලොකු අත්වැරදීමක්ද ඒක!
කවුදෝ මිනිහෙක් හිටියා කැඩපතේ
මහ විහිලුකාර පෙනුමක් තියන...
රැලි වැටිලා හම..
අලු පාට ගැහිලා කොණ්ඩෙ
තැනින් තැන සුදුවෙලා රැවුල
කොයිතරම් පව් ද..
කුණුගැහිච්ච අසරණ නාකියෙක්!
ඒ මිනිහ නං මම නොවෙයි
ඉත්තේරුවටම මම නොවෙයි!
කිසිදාකවත් එපා නොවේවි
මෙහෙම ජීවිතයක් මට..
ඔරුවක නැගිලා මහ සාගරේ
මාලු අල්ලන්න යන්න..
තරු පිරි රෑක තැනිතලා බිමක
අහස යට වැතිරිලා නිදාගන්න..
කඳු මුදුනතක පොඩියට
ගෙපැලක් හදාගන්න...
පරණ තාලෙට ගොවිතැනක් කරගෙන ඉන්න..
කැළෑ සත්තුත් එක්ක
මහ සද්දෙට සින්දු කියන...
පරමාණුක යුද්දෙට විරුද්ධව
ගායනා කරන්න..
මං හිතන්නෙ තවම මට දාහතයි..
හොඳ ඉලන්දාරි වයස..
එතැනම බිම
වාඩිවෙලා එරමිණිය ගොතාගෙන
මම පටන් ගත්තා භාවනාව..
ඒත් ඒ ගැන
හරි අදහසක් තිබුණෙ නෑ මට..
එකවරම, කොහෙන්ද මං දන්නෙ නෑ..
මතුවෙලා කටහඬක්
කිව්වා මට මෙහෙම..
"තරුණව ඉන්න නම් හැමදාටම
බේරාගන්න ඕන නම් ලෝකය
බිඳදමාපන්..
බිඳදමාපන් ඔය කැඩපත දැන්ම"
.
.
.
—Nanao Sakaki විසින් රචනා කරනලද පැදියක් ඇසුරෙන්
No comments:
Post a Comment