වදවුණෙමි මම බොහෝම
වැඩෙන්නෙද මේ වන උයන් නිසි ලෙස..
ගලා යන්නෙද ගංගාව නිවැරදි මඟ..
කරකැවෙන්නෙද පෘථිවිය
එය සිදුවිය යුතු ලෙස..
එසේ නොම වේවි නම් මේවා
නිවැරැදි කරන්නේ කෙලෙසද මා?
ඇත්තෙන්ම නිවැරදි ද මම?
නැත්නම් වැරැදි ද?
සමාවක් ලැබේවිද මට කිසිදාක?
ඉඩ ලැබේවි ද මීටත් වඩා හොඳින්
ඉටු කරන්නට මගේ කටයුතු ?
හැකිවේවිද මට ගයන්න?
ගේ කුරුල්ලෝ පවා ගයති මිහිරට..
එහෙත් මම..
බලාපොරොත්තු විරහිත ද කොයිතරමට..
දුබල වන්නෙද සෙමින් මගෙ දෑස?
නැත්නම් හිතලුවක් ද එය මගේ...
වැළඳීගෙන එනවාද මට
යම් රෝගයක්, අමතකවීමේ..
අවසන..වටහාගතිමි මම
නොලැබෙනා බව කිසිවක්
දුක් වීමෙන් මෙලෙස...
එබැවින් අතහැර දමා එය
අවදි කර මේ වැහැරෙන සිරුර
ගයමින් ගීතයක්
නික්මුණෙමි
අරුණාලෝකය වෙත...
.
.
.
- Mary Oliver ගේ I worried a lot නම් පැදිය ඇසුරෙන්
very nice
ReplyDelete