Tuesday, March 8, 2022

ඇත්තු

ඈත ධූලින් වැසීගිය ඇත් රජුය..
මෑත විලාප නඟන මහ වෘක්ෂ මූලයෙන් උදුරා බිම හෙලන නොපිපුණු කැකුළු මල් තලා පොඩි කරන සීත තෙත් බිම පස් කඳු යට කරන මහ පොළවේ අඩි හප්පන ගුගුරන ශිෂ්ටාචාරය ය...

ඈත යදමින් බැඳුන ඇත් රජු ය..
මෑත කැලෑ පීරා ගිනි බට දිගු දුර මානන අහිංසක වනවාසී හදවත් වලට අල්ලා ගිනි බිඳින මස්වැදි සෙනඟය..

ඈත සනුහරේ එකෙකු ලඟපාතක නොවන මහ හුදකලාවේ ගිලුණු ඇත් රජු ය...
මෑත දළ යුගලට කෙස් රොදට ගජමුතුවට දිවිපුදන.. යන එන පුරුදු මංමාවත් හරස් කර කටු කම්බි වැට බැඳුන.. දිය පොදකට අහර බිඳකට ගම්වැදීමට සිදුවුණ අවතැන් අලි සේනාව ය..

උතුරින් දම්වැල්ය දකුණින් අලි වෙඩි ය විදුලිවැට ය.. හක්කපටස් ය.. දළ ජාවාරම්ය.. මම කෙසේ අතපය දිගහැර මේ පොළවේ සැතපෙම්ද...



No comments:

Post a Comment