යහමින් සරුව අතමිට,
සිහසුනේ නුඹව හිඳවූ පසු ලෝකය,
සොයාගොස් කැඩපතක් හනිකට
බලන්න ඉන් පෙනෙන මිනිසා දෙස...
අසන්න ඔහුට කීමට ඇති දෙය....
පියාත් නොවෙයි ඔබේ මවත් බිරිඳත් නොව,
ගනු ලැබුවෙ ඔබ නමින් තීරණ,
ඔහුයි තෝරාගත්තෙ බොහෝ දෙය,
මිනිසා කැඩපතේ සිටින....
සතුටු කළ යුත්තෙ නුඹ ඔහුවයි,
නිතර ඔබ අසලින්ම වෙසෙන..
පසු කරන්නට රුදුරු මාවත්,
මිතුරෙක්ම විය යුතුයි ඔහු ඔබට....
"හරි අපූරුම කෙනෙක් මම නම්"
ඔබ ගැනම ඔබ හිතන්නට පුලුවන්
ළමා කවි ගීතයක ඉන්නා
ළදබොළඳ ළදරුවෙක් විලසින්..
ඔහුට කැඩපත තුළින් පෙනෙනා
පලක් නෑ ඔය කිසිම කිසිවක්,
ඔබ නිකම් නිකමෙක් ය ඔහු හට
ඔහු දෑස දෙස බලනු බැරි නම්...
ගෙවා සිව්සිය වසර ගණනක්
ඔබට රවටනු හැකියි මුලු ලොව...
බොහෝ මිනිසුන් මුවින් නිරතුරු
ගායනා වෙනු ඇති ඔබේ ගුණ..
එහෙත් සුසුමන් කඳුළැලි ද හා
හදවතේ රිදුමක් ම පමණයි,
ඉතිරිවන්නේ ඔබට අවසන,
රැවටුවොත් කැඩපතේ මිනිසා ඔබ...
.
.
From a poem written by Peter Wimbrow
ඕනිවට වඩා ම තමන් ගැනම හිතන්නත් හොඳ නෑ නේද🤔
ReplyDelete