Wednesday, September 6, 2017

පා සලඹ


ඈ දෙපා යුග වැලඳ
වැතිරහුන් පා සලඹ
බිඳක්වත් නොහෙල්ලී
ස්වකැමැත්තෙන් 
හඬ නැගිණ.

බොහෝ කල් නිදා සිටි
විඩාබර දිගු නින්ද
එක සියුම් සරයකින්
අවසන් කෙරිණ.






10 comments:

  1. මට මේක අල්ලන්නේ නැත!

    මොකද්දෝ යමක් මිසින් වගේ දැනේ. ඉංග්‍රීසියෙන් හිතුවම ඊට වඩා ලස්සනයි වගේ.





    මම කවියක් ලියයි වගේ..........

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් ලිඛිතා....හැමකෙනෙකුටම එකවගේ දැනෙන්නේ නෑ... :)
      ස්තූතියි අවංකව දැනෙන දේ කිව්වට....

      Delete
    2. මම අදහස් කලේ කවියේ මිසින් වගේ කියල නෙවෙයි. මොකද්දෝ හිතිවිල්ලක් මිසින් වගේ මේක කියෝනකොට. ඉංග්‍රීසියෙන් හිතුවම හරි ගියා කියලයි මම අදහස් කලේ. එක්කෝ මට මෙහෙම හිතුවිල්ලක් ලියාගන්න බැරිකම වෙන්න ඇති.

      Delete
    3. ඒ මොහොතේ අපේ මනෝභාවයනුත් බලපානවනේ...අත්දැකීමක් වචන වලින් අල්ලගන්න එක ලේසි නෑ...එතකොට ඒක ඇතුලේ අපේ විදිම කියවන්නාට හරියට සන්නිවේදනය නොවෙන්න පුලුවන්...හැම වෙලාවකම ඒක හරියටම වෙනවයි කියන්න බෑ...කියවන්නාගෙ පැත්ත ගැනත් සැලකිලිමත් වීම අවශ්‍යයි අපේ නිර්මාණය පමණට වඩා සරල තැනකට යන්න නොදී... සමබරතාවයක් තියෙන්න ඕන....

      Delete
    4. තමන්ගේ නිර්මාණයක තමන්ටම අනන්‍ය විඳීමක් තියෙනවා. එය වඩා සංවේදී නම් මට කවිය / නිර්මාණය ගොතාගන්න බොහොම අපහසුයි. මම ඒ ප්‍රශ්නයෙන් පිඩා විඳිනවා. ඒ නිසාම නොලියු දේවල් ගොඩයි. නමුත් එහෙම ලියවෙච්ච තැනක් දැක්කහම ඉබේම මට පොදු විඳීමෙන් වියුක්ත වෙන්න සිද්ද වෙනවා.
      එතකොට මම ආයෙමත් හිර වෙනවා :-)

      Delete
    5. මට වුණත් ඒක එහෙමයි..සමහර දේවල් තියනව ජීවිතේට බොහොම සමීප ඒත් නිර්මාණයක් ඇතුලෙ මතු කරගන්න බැරි....නිර්මාණකරණය කියන්නෙ බලෙන් කරන්න පුළුවන් වැඩක් නෙමේ නෙ.. තමන් ඇතුලෙන්ම නිරායාසයෙන් ඒ නිර්මාණයෙ මූල බීජය මතුවෙන්නෙ..අපි කරන්නෙ ඒක තවදුරට ඔපමට්ටම් කරන එක...පුද්ගලයො විසින් කවිය ලියන්නෙ නෑ කවිය විසින් ඊට සුදුසු පුද්ගලයා තෝරාගන්නව කියනව නෙ...සමහර විට අපිට කියාගන්න බැරි මේ විදීම් නිර්මාණ ඇතුලෙ නොදැනීම මුහුවෙලා තියෙන්න පුළුවන්...සමරවිට වෙනත් තැනක අපිට අපේ අත්දැකීමම මුණගැහෙන්න පුළුවන්..එතකොට ඒක අපේ...ඒ සම්බන්ධව මගේ විදීම විශේෂයි...මොකද මගේ අත්දැකීමත් එක්ක ඒ කුමක් හෝ නිර්මාණය සමපාත නිසා...එතකොට තවදුරටත් කවුරු මොන අර්ථක කථන දුන්නත් ඒ නිර්මාණය මගේ තමයි...

      Delete
  2. ස්වර නැගුනු තත් නදින්
    පා සළඹ කිති කැවින.
    තත මැද්ද සියුම් අත
    ඇගෙ නිතඹ මත වැටින.
    ඇගේ ලැම සැලෙන සඳ
    වැරෙන් හදවත සැළින.
    පොලොව මත ඇඟිලි තුඩු
    දෙතොල් පෙති යා කෙරින

    ReplyDelete
    Replies
    1. දිය සිදීගිය
      ඉරිතැලීගිය
      ගංගා පොකුණු නහවා
      මහා වැස්සක් ඇද හැලිණ.....

      Delete