Monday, October 23, 2017

නමක් නැති කවක්...


පිරී යන පමණට
ඇවිත් රැස්වූ පසුව
නැහැ කිසිම දිය බිඳක්
වැහි වලාවක රැඳුනේ...

ගිණියම් ම කතරක
පාලු හදවත පිරිමැද
පතොක් මල් පමණි
තනි නොතනියට පිපුණේ..

අවසාන තෙල් බිඳුවද
දැවී අහවර වූ පසුවය
එළියදී දැල්වුණ 
පහන් හෙමිහිට නිවුනේ...

ඉවුරු අතහරින ලද
සියලු ගංගා වලිනි
අවසන 
මේ මහ මුහුද සැදුණේ....








2 comments:

  1. බදා වැළඳ ගෙන
    තබාගත්තද ඒ
    ජල බිඳිති පොඩි,
    වහා ගගනත
    පලා යනුයේ?

    ReplyDelete
    Replies
    1. මහා සමුදුරද
      අහසේ
      වළාකුළු කැටිතිද
      වැළදගත්තත්
      අවර්ණයි
      ජල බිදිති

      Delete