Monday, October 30, 2017

පුදසුනක නෙළුම්...



පිපුණ මොහොතෙම
නටු අගින් සිඳ
පුදසුනක් මත
පිදුව හින්දම
නෙළුම් මල් වෙති
හඬා වැලපෙන
උපන් වැව ගැන
මතක සිහිකර.

ඇතැම් නෙළුමක්
වේ ය එඅතර
කඳුළු බිඳුවක්
වුවද නොහලන
තමන් උවනත
තුඩින් පිරිමැද 
සිහිකලා මිස
පරවීම ගැන.






2 comments:

  1. මේක සුපිරියි...

    පිළිතුරු පවා දීගත නොහැකි තරමට!

    ReplyDelete