Wednesday, October 4, 2017

හී සර වරුසාවක තෙමෙමින්...


සිහිල් අඳුනෙන් විස කැවූ
ප්‍රේමයේ හී සර ඔබ මැවූ
කාලයේ කඳු අතරින් හැමූ
නොනිමි වැස්සක් ව මා තෙමූ

මේ කුලක් ලෙසින් අහසේ
ඔබ එවූ හී තුඩු දහසේ
තියුණු තුඩු ඇද හැලෙන පහසේ
සිඹියි මා සියොළඟම රහසේ

වස්සාන වසිනා හඬ ඇසී
මතකයක් ඇයි නොහැඬුවෙ කිසී
වැහිපොද වැළඳ ගෙන රිසී
ඉන්නෙමි කන්දක්ව ගල් ගැසී

වැහි පහසේම රැඳිමි
මතකයක් හෙමිහිට සිඹිමි
වසිනා හී සර වැස්සේ
තනිවම තෙමෙමි....






15 comments:

  1. Replies
    1. ඊතල වැස්සක් කියල හිතමු....

      Delete
    2. ඊතල වැස්සක් සියොළඟ වෙලෙද්දී දැනෙන්නේ කුමන පහසක්ද?

      Delete
    3. රිදීමක්..ඒත් ඒක ආස හිතෙන රිදීමක්.....වැලදගන්න හිතෙන වේදනාවක් මොකද ඒ හීතුඩු මැව්වෙ 'ඔබ' නිසා....

      Delete
    4. මට දැනෙන්නේ ඒක රිදීමකට වඩා.... රෝමාන්තික මොහොතක් වගේ... හ්ම්ම්.. හ්ම්ම් ?

      Delete
    5. රිදීම..විිදිම..විදවීම...ඒ ඔක්කොම රොමාන්තිකයි තමා...නැද්ද?

      Delete
    6. අනිවාර්යයෙන්...

      විරහව කියන්නේ අතිශය රෝමාන්තිකයි!! මේ බලන්න

      Delete
    7. තමන් දකින විදිහ අනුව තමයි නේ..පොඩි දේටත් ජීවිතේ නැති කරගන්න මිනිස්සු පෙළඹෙන්නෙ මේ දැක්ම නැති නිසා...විරහව කියන්නෙත් රහක් තමා...හොද කලා නිර්මාණයක් කියන්නෙ ජීවිතේ දිහා ඒ විදිහට දකින්න අපිව යොමුකරවන දෙයක්...අද වෙනකොට සියදිවි නසා ගැනීම රැල්ලක් වෙලා තියෙන්නෙ සමාජෙ මේ සංවේදී ස්නායුව අහිමි වෙලා තියන නිසාද කියල හිතෙනව..

      වරක් නෙතග කදුලැලි පිරැණාදෝ
      සිතට දරා ගනු බැරි දුක් වී දෝ
      දිවිය කොයි තරම් සුන්දර දෝ
      දුකම කොයිතරම් සතුටක් දෝ...

      මේ වගේ පද රචනා තව කොයිතරම් තියනවද..

      ප.ලි - ඒ සටහන අපූරුයි..විවිද රස තියන සින්දු පෙලක් එකට අමුණල විරහවේ රහ මතු කරන්න ගත්ත උත්සහය අගෙයි....

      Delete
    8. දැක්කද නයාගේ පෙනේ? ;-)

      එතනට එකතු කරන්නකෝ හොද ගීත ටිකක්.

      විරහව රහක් කියල තේරෙන්නත් විරහව විඳලා තියෙන්න ඕනේ. විඳින්නත් ඒකට ලැස්ති වෙන්න ඕනේ..

      විරහව මාව නම් තවත් රෝමාන්තික කරනවා. ලෙඩක්ද මන්ද ;-O

      Delete
    9. නයාගෙ පෙනේ????

      ඒක පොදු අත්දැකීමක් ..අපි ඒක දකින විදිහ අනුව තමා ඒක රහක්ද වහක්ද කියල තීරණේ වෙන්නෙ.....

      හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරිතම
      ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම
      සම තැනිතලා වල හමුවෙයි අලසකම
      නිරසයි අතර මඟ අවහිර නොදුටු බිම

      ඔය කවි පේළියත් එතෙන්ට ගැළපෙනව මම හිතන්නෙ..

      මතක විදිහට දාන්නම්. දැන් විරහව මතක් වෙලා කොහෙන් නවතීද දන්නෑ :D

      Delete
    10. එහෙම වෙලා නතරවෙච්ච තැනක් තමයි මේ... කියවන්න පුලුවන්නම් නම් බලන්න.
      ( අද නම් හරියට ඇඩ් නේ!)

      Delete
    11. ටිකක් දිගයි නේ ...හෙමීට කියවන්නම්.. :)

      මෙය ලිඛිතා විසින් මුදල් ගෙවා ප්රචාරය කරල ලද දැන්වීමක් බව කරුණාවෙන් සලකන්න :D
      විරහවට සම්බන්ධ අත්දැකීම් වැඩි නිසාද මන්ද...ඒ ගැන කතාකරන්න ගත්තොත් කෙළවරක් නෑ ඉතින්...

      Delete
    12. ආ... ඒ මගේ 'කෙටි කතා' ස්ටයිල් එක..! හික්.. දිග වීම තමයි වෙනස.. හරි හරි.. වෙලාව අරගෙන කියවන්න. ආපහු මමම කියෙව්වා ඊයේ... සැක්‌ ඉතරක් කියල හිතුන. හරි නැහැ දැන්. බනිනවා නම් බැනල යන්න

      අවසාන වැකි දෙකට කට පියා ගමි.

      Delete
    13. කවදාවත් තමන් ලියපු ඒව ගැන සම්පූර්ණයෙන් තෘප්තිමත් වෙන්නෑ..මට වුණත් එහෙමයි...මේව ආයෙම කියවද්දි මට වුණත් හිතෙනව මේ මොනවද කියල...
      ඒත් ලියන්න ..කියවල බලලම කියන්නම් ගුණදොස්...

      Delete